අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ලෝක නගර නිර්මාණ දිනයට සමගාමීව පැවති ශ‍්‍රී ලංකාවේ නිල නගර නිර්මාණ උත්සවයට සහභාගි වෙමිනි.
"ඒ වගේම ජාත්‍යන්තර වශයෙනුත්, දේශීය වශයෙනුත් පරිසර ප‍්‍රශ්න අප ඉදිරියේ මතුවෙලා තියෙනවා. පසුගිය කාලයේ මාස කිහිපයකට කලින් ගංවතුරකුත්, ඊට මාස කිහිපයකට පස්සේ නියං කාලයකුත් ලංකාවේ තිබුණා. ඒ දෙකම විශාල අස්වාභාවික සිද්ධි නෙමෙයි. නමුත් දැන් අපේ රටේ විශාල ජල ආතතියක් ඇතිවෙලා ගෝලීය උණුසුම වැනි ජාත්‍යන්තර පරිසර ප‍්‍රශ්නවලට මුහුණ දෙමින් ඉන්නේ. ඒක අපේ ජීව විවිධත්වයට විශාල තර්ජනයක් එල්ල කරලා තියෙනවා. ඒ වගේම නාගරීකරණයත්, ජනාවාසකරණයත් නිසා විශාල හස්තියාගේ ඉඳන්, ඉතාම පුංචි කුරා කුහුඹුවා දක්වා ජීව විවිධත්වයට විශාල බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ලෙඩ රෝග පැත්තෙන් අලුත් පියවරකට රට ගමන් කරලා තියෙනවා".
"වේගයෙන් සංවර්ධනය ලගාකර ගත්තාහම ඔක්කොම ප‍්‍රශ්න විසඳගන්න පුළුවන් කියලා හිතුවට, සංවර්ධනයත් එක්කම පැවැත්ම පිළිබඳ ප‍්‍රශ්නයකට ලෝකය මුහුණ දීලා තියෙනවා. ඉතින් අපි ඒ නිසා අපට ජාත්‍යන්තර ප‍්‍රශ්නවලට කරන්න පුළුවන් දේවල් හුගක් සීමා සහිතයි. නමුත් අපේ රට ඇතුළේ අපේ පරිසර පද්ධතිය ආරක්‍ෂා කර ගැනීමත් එක්කම කෙරෙන සංවර්ධනයක් ගැන අපි ඉදිරි කාලයේදී කල්පනා කළ යුතුයි. විශේෂයෙන්ම නගර සමස්ථයක් හැටියට දියුණුවන ක‍්‍රමයක් ගැන කල්පනා කරන්න ඕනෙ. නගරවල කැළිකසල, නගර නිසා ඇතිවන ජල දූෂණය, වායු දූෂණය, පාංශු වස විස වීම, මේවාට නගර විසින් ම පිළිතුරු සපයන කි‍්‍රයාවලියක් රටට අවශ්‍යයි. ඒ වගේම බලශක්තිය පිළිබඳවත් කි‍්‍රයාවලියක් රටට අවශ්‍යයි. නැත්නම් ඉතාම බරපතල ප‍්‍රශ්නවලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා".
තරුණ පිරිස්වලට, විශේෂයෙන්ම නාගරික සැලසුම්කරණයේ ඉන්න පිරිස්වලට විශාල මෙහෙවරක් රට ඉදිරියේ තිබෙන බවත් ඔබට විශාල ගමනක් යන්නට ඇති බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.