අප්‍රේල් 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුව හෙට රැස්වේ

    ජූනි 09, 2014

    මාතලේ දිස්ත්‍රික් ලේකම් හෙලන් ඒ. මීගස්මුල්ල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (10) පෙ.ව. 11.00ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටු රැස්වීම පැවැත්වීමට කටයුතු සංවිධානය කොට ඇතැයි මාතලේ දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    මෙහි දී දිස්ත්‍රික්කයට අදාළ කෘෂිකාර්මික බෝග වගාවන් වන වී, බී ලූනු ,මිරිස් සහ අනෙකුත් එළවළු වර්ග සහ පලතුරු වගාවන්ට අදාළ ගැටලු , වගා ව්‍යාප්ත වෙළඳපොළ සහ මිල ගණන් පිළිබඳ ව සාකච්ඡා කිරීමට නියමිතය.


    මෙම අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පලේමුල්ල මහතා ඇතුළු කෘෂිකාර්මික අංශයට සම්බන්ධ නිලධාරීන්, ගොවිජන සේවා නිලධාරීන් සහ ගොවි සංවිධාන නියෝජිතයන් රැසක් සහභාගි වීමට නියමිතය.

     

    NDH/GNK-ISB dmu matale

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya