මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුරාවිද්‍යාඥයෝ කිලිනොච්චියේ බෞද්ධ නෂ්ටාවශේෂ සොයා ගනිති

    ජූනි 05, 2014

    කිලිනොච්චියේ ශිවනගර් උර්තිරපුරම් ප්‍රදේශයෙන් සොයාගනු ලැබු පෞරාණික වටිනාකමකින් යුත් නෂ්ටාවශේෂ (ගඩොල් තට්ටු, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදය සහිත ගල් කැටයම්, වෙහෙරක නටබුන්) පොලොන්නරු යුගයට අයත් යැයි සැලකෙන ඒවා බව පුරාවිද්‍යාඥයෝ තහවුරු කර ඇත.


    කැලැවක් ආශ්‍රිතව ඇති මෙම ස්ථානය කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු 662 බලසේනාවේ 20 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භට පිරිස් හට නිරීක්ෂණය වී තිබේ.


    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ආරාධනයෙන් පුරාවිද්‍යාඥයින් කණ්ඩායමක් එම ස්ථානයට පැමිණ කරන ලද මුලික පරික්ෂණවලින් අනතුරුව මෙම සොයා ගැනීම තහවුරු  වූ අතර එම භූමියේ තිබූ අඩි 60ක විශ්කම්භයෙන් යුත් දාගැබක නටබුන්, අඩි 12ක් උසැති පොලොන්නරුව යුගයට අයත් ගඩොල් තට්ටු ද, ශ්‍රී පාදය සහිත ගල් පතුරු ද, ගල් කුළුණු ඇතුළු බෞද්ධ විහාරයක් පැවති බවට සාධක ද එහිදී නිරීක්ෂණය වී ඇත.


    කෙසේවුවද වඩා විධිමත් හා පුළුල් පරීක්ෂණවලින් මේ බව තහවුරු කරන තුරු, එම ස්ථානය පුරාවිද්‍යා වටිනාකමකින් යුත් ස්ථානයක් බවට ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත.


    මේ අතර 1940 පමණ කාලයේ දී මෙහි කුඩා පුල්ලයාර් කෝවිලක් පැවති බවත්, ඉන් අනතුරුව අදටත් පවතින ශිවන් කෝවිල 1990 දී ගොඩනැගු බවත්, එම කාල වකවානු තුළදී පුල්ලයාර් සහ ශිව දෙවියන් වෙන් වෙන් වශයෙන් පුජා පවත්වා වන්දනාමාන කළ බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ අතරම 1965 දී මෙම කෝවිලේ පූජකතුමා අවට කැලෑ ප්‍රදේශය එළිපෙහෙළි කිරීමේ දී බුදුරුවක ශෛලමය කොටස් සහ බෝගසක් එම ස්ථානයේ තිබී හමු වී ඇති නමුත්, එල්ටීටීඊ ත්‍රස්තවාදීන් පසුව එම බුද්ධ ප්‍රතිමා කඩා බිඳ දමා ඒ ආසන්නයේ ඇති ශිවන්කුලම් වැවට විසිකර ඇත. එමෙන්ම මෙම සමාධි බුදුරුව අඩි 4 - 6 පමණ උස බව ද, ඒ සමඟම සඳකඩපහණක කැබැල්ලක් සහ සිංහයෙකුගේ අනුරුවක් මෙහි තිබී ඇත. ත්‍රස්තවාදීන් මෙහි තිබූ බෝ ගස කපා දමා එහි තල් ගසක් සිටවා එම ප්‍රදේශය නාගලිංගම් යැයි හඳුන්වනු ලැබීය.  


    කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ, 662 බලසේනාවේ බලසේනාංකාධිපති කර්නල් එන්.පී. අකුරන්තිලක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙක් ද එම ස්ථානයට පැමිණ සිටියහ.

     

    Archaeologists Find Buddhist Ruins in Kilinochchi

    Archaeologists Find Buddhist Ruins in Kilinochchi 2

    Archaeologists Find Buddhist Ruins in Kilinochchi 3

    Archaeologists Find Buddhist Ruins in Kilinochchi 4

    Archaeologists Find Buddhist Ruins in Kilinochchi 5

     


    HC/army media

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya