මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    යාපනයේ තවත් මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරයක් සිසු අයිතියට

    ජූනි 05, 2014

    යාපනය වේලනෙයි මධ්‍ය විද්‍යාලයේ ස්ථාපිත කළ මහින්දෝදය තාක්ෂණ විද්‍යාගාරය උතුරු පළාත් ආණ්ඩුකාර ජී.ඒ. චන්ද්‍රසිරි මහතා අතින් පසුගිය සඳුදා සිසු අයිතියට පත් කළ බව යාපනය දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයකට අනුව සෑම දරුවෙකුට ම සම අධ්‍යාපනික පහසුකම් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරෙන මහින්දෝදය තාක්ෂණික විද්‍යාගාර ව්‍යාපෘතිය යටතේ මෙම තාක්ෂණ විද්‍යාගාරය ඉදිකර ඇත. මේ වන විට උතුරු පළාත තුළ මෙවැනි විද්‍යාගාර 16ක් සිසු අයිතියට පත් කර තිබේ.


    මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී සිල්වෙස්ටර් ඇලන්ටීන් මහතා, උතුරු පළාත් ප‍්‍රධාන ලේකම් විජයලක්ෂ්මී මහත්මිය,  උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සත්‍යසීලන් මහතා ද සහභාගී වූහ.


    UP/PS_dmu_jaffna

    Velanai MMV mahindodaya technicle faculty 1

    Velanai MMV mahindodaya technicle faculty 2

    Velanai MMV mahindodaya technicle faculty 3

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya