මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොසොන් සතියේ අනුරපුර මත් පැන්, මත් ද්‍රව්‍ය හා මස් අලෙවියට තහංචි

    ජූනි 05, 2014

    පොසොන් සතියේ අනුරාධපුරයේ මත් පැන්, මත් ද්‍රව්‍ය හා මස් අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම නතර කිරීමට අවශ්‍ය විධි විධාන සලසන ලෙස උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා අදාළ අංශ වෙත උපදෙස් ලබා දේ.


    අනුරාධපුර මහ ලේකම් කාර්යාල ශ‍්‍රවණාගාරයේ ඊයේ (03) පැවති පොසොන් කමිටු සාකච්ඡාවේදි අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේය.


    එහිදි අමාත්‍යවරයා මෙසේද කීය. “මෙවර පොසොන් සතිය අතිගරු ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවත්වේ. පොසොන් සතියේ අනුරාධපුර වන්දනාවේ පැමිණෙන ලක්‍ෂ 20-25ක් අතර වන්දනාකරුවන්ට ආරක්ෂාව සෞඛ්‍ය හා අනෙකුත් සියලු පහසුකම් ලබා දිය යුතුය. වැව්වල වතුර ප‍්‍රශ්නයක් විය හැකි අතර එය සෞඛ්‍යට ද බලපා හැකිය. දන්සල් ප‍්‍රමාණය වැඩිවන විටද සෞඛ්‍ය ප‍්‍රශ්න ඇතිවිය හැකිය. ප‍්‍රවාහන හා නවාතැන් ප‍්‍රශ්න පිළිබඳව ද විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතුය.
     

    විශේෂයෙන්ම පොසොන් සතියේ මස්කඩ හා සුරාසැල් වසා දැමුවත් පසුගිය කාලයේ අප ලැබු අත්දැකීම් අනුව කූට වෙළෙඳුන් මස්, මත්පැන් හා මත් ද්‍රව්‍ය අලෙවි කිරීම සිදුකළ අතර මෙම පොසොන් සතියේ මස්, මත්පැන් හා මත් ද්‍රව්‍ය අලෙවිය සම්පූර්ණයෙන්ම නතර කිරීමට පියවර ගත යුතු බව ප‍්‍රධාන අමාත්‍යවරයා පොලිසියට හා සුරාබදු නිලධාරින්ට උපදෙස් දුන්නේය.
     

    අටමස්ථානාධිපති නාහිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නයේද අනුරාධපුර මහා දිසාපති ප‍්‍රමුඛ රාජ්‍ය නිලධාරින්ගේද මග පෙන්වීම අනුව වන්දනාකරුවන්ට උපරිම පහසුකම් සලසා දීමට තම වගකීම් නිසි ලෙස ඉටුකිරීම සඳහා අදාළ අංශ සියලු දෙනාම කටයුතු කළ යුතු බවටද ප‍්‍රධාන අමාත්‍යවරයා එහිදී උපදෙස් දුන්නේය.

     

    HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya