මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළු ගං මෝය පුළුල් කිරීමෙන් ජල මට්ටම පහතට

    ජූනි 04, 2014

    කළු ගඟේ මෝය කට පුළුල් කිරීම නිසා ගඟේ ජලමට්ටම අඩි 3.3 දක්වා පහත බැස ඇති අතර මෙම නිසා පහත් බිම් යටවීමට තිබූ අවදානම ඉවත්ව ගොස් තිබෙන බව කළුතර දිස්ත්‍රික් අප මාධ්‍ය ඒකකය පවසයි.


    ඊයේ වන විට කළු ගඟේ ජල මට්ටම අඩි 3.9කින් ඉහළ ගොස් තිබූ අතර එය අඩි 4ට වඩා වැඩි වූවේ නම් ගංවතුර තත්ත්වයක් මතුවීමට ඉඩ තිබූ හෙයින් දිස්ත‍්‍රික් ලේකම් යූ.ඩී.සී. ජයලාල් මහතා සමග සාකච්ඡා කර ගංමෝය පුළුල් කළ බව කළුතර දිස්ත‍්‍රික් ඉංජිනේරු එන්.ඩබ්. ලක්මාල් මහතා සඳහන් කර තිබේ.


    පසුගිය දින කිහිපය තුළ ඇද හැළෙන අධික වර්ෂාව නිසා කළු ගගේ ජල මට්ටම වේගයෙන් ඉහළ ගොස් තිබූ හෙයින් ජනතාවට ගංවතුර තර්ජනයක් ඇති නොවන්නට කළුගං මෝය පුළුල් කිරීමට පියවර ගැනිණි.


    HC/wms_dmu-kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya