මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පදවිය අතුරු මාර්ග සංවර්ධනයට ලක්ෂ 150ක්

    ජූනි 05, 2014

    පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති අතුරු මාර්ග සංවර්ධනය කිරීම ඇතුළු යටිතල පහසුකම් නැංවීම සඳහා  ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන “එක ගමකට එක වැඩක්” වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 150 මුදලක් ලැබී තිබේ.

     
    පදවිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ග්‍රාම නිලධාරී වසම් 15 සඳහා මෙම මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බවත්, ඒ අනුව අතුරු මාර්ග සංවර්ධනයට අමතරව පාලම් මෙන්ම ජනතාවගේ විවිධ අවශ්‍යතා සඳහා භාවිත කරන බහුකාර්ය ගොඩනැඟිලි, පානීය ජල ව්‍යාපෘති ඉදිකිරීම සඳහා අදාළ මුදල් යොදවා ඇතැයි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා පවසයි.
     

    පදවිය, අලිවංගුව, බෝධිරුක්ඛාරාමය දක්වා ඇති අතුරු මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කිරීම නිමිත්තෙන් පසුගියදා අලිවංගුව විහාරස්ථානයේ පැවති ජනහමුවේ දී අදහස් දක්වමින් අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා මේ බව පැවසීය.
     

    තිස් වසරක් යුද්ධයෙන් බැට කෑ පදවිය ඇතුළු අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට ඉතිහාසයේ කිසිදිනක නොලැබුණු අතිවිශාල මුදලක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය මගින් මෙවර ලබා දී ඇති බවත්, අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා එහි දී පැවසීය.
     

    තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය තිස්ස කරල්ලියද්ද මහතා, “අඳුරින් අඳුරට, අගාධයෙන් අගාධයට යමින් තිබූ රට සදාකල් ආලෝකයෙන් බබළවන්නට කටයුතු කළේ රාජපක්ෂවරුයි. අද බලය ලබාගැනීමේ වියරුවෙන් උමතු වී සිටින විපක්ෂය ජාත්‍යන්තර කුමන්ත්‍රණවලට අත්වැල් සපයමින් පහත් සතුටක් ලබමින් සිටිනවා.


    මේ රටේ දරුවන්ගේ අනාගතය ශක්තිමත් කිරීමට සෞඛ්‍ය, අධ්‍යාපනය ආදී ක්ෂේත්‍රවල භෞතික හා මානව සම්පත් සංවර්ධනය දෙගුණ තෙගුණ කිරීමට ජනාධිපතිතුමන්ගේ ආශිර්වාදය ලැබී තිබෙනවා. මේ සියලු සංවර්ධන කටයුතු පිළිබඳ අවබෝධයක් නැති ඇතැම් අන්තගාමීන් රටේ සිදුවන මෙම වටිනා සංවර්ධනය පවා විවිධ අයුරින් විවේචනය කරනවා.


    එදා යුද්ධයෙන් අවතැන් වෙලා සිටි ඇතැම් අහිංසක ජනතාවට සෙවණ ලබා දුන්නේ අද අප සිටින මේ විහාරස්ථානය වැනි විහාරස්ථානවලයි, ඒවායේ වැඩසිටි හිමිවරුයි. ඒ ගරුතර හිමිවරු අද විහාරස්ථාන වගේම ඒ ගම්බිම් දියුණු කිරීමටත් කටයුතු කරමින් සිටිනවා. එවැනි ගම්බිම්, විහාරස්ථාන දියුණු කිරීමට වගකිවයුතු රජයක් ලෙස කටයුතු කරමින් සිටිනවා.”
     

    මෙම අවස්ථාවට බෝධිරුක්ඛාරාමාධිපති මිල්ලෑව සුමනතිස්ස හිමියන්, පදවිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධර්ම ශ්‍රී සෝමතිලක මහතා ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් පැමිණ සිටියහ.


    HC

    padawiya road development 1

    padawiya road development 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya