මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැදට තවත් උපාධිධාරී ගුරු පත්වීම් 1077ක්

    ජූනි 04, 2014

    විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීම මරණ වරෙන්තුවක් වූ යුගය මහින්ද රාජපක්ෂ රජය අවසන් කළ බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.


    අමාත්‍යවරයා එම අදහස් පළකර සිටියේ ඉකුත් දා පැවති උතුරු මැද පළාතේ උපාධිධාරීන් එක්දහස්හැත්තෑහතකට (1077) ගුරු පත්වීම් ප‍්‍රදානය කිරීමේ උත්සවය අමතමිනි.


    උපාධිය සමත් වී පත්වීමක් ලබා ගැනීමට අවුරුදු ගණන් බලා සිටි යුගය 2005 දී ජනාධිපතිතුමා අවසන් කළ බැවින් හැකියාවට රැකියාවක් ලබා ගැනීමේ අවස්ථාව අද උදා වූ බවත් ඒ මහතා පැවසීය. ඒ අනුව උතුරු මැද පළාතේ පාසල් 784ක අධ්‍යාපනය ලබන දරුවන්ට ඉගැන්වීම සඳහා පසුගිය වසර එකහමාර තුළ ගුරු පත්වීම් 2200ක් ලබා දීමට හැකි වූ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය .


    පසුගිය කාලයේ උතුරු මැද පළාතේ ගුරු පත්වීම් මෙන්ම අනෙකුත් විවිධ පත්වීම් ලබා දීමේ දී ද සංවර්ධන යෝජනා ක‍්‍රම, වැව් පාරවල්, පාසල් ගොඩනගන විට පත්තරවල පොල්ගෙඩි අකුරෙන් පළ වූයේ වංචා දුෂණ පිළිබඳව බවත් නව පළාත් සභාව අරඹා ගත වූ වසර එකහමාර තුළ පත්වීම් ලබා දීම්, වැව් පාරවල් හා වෙනත් සංවර්ධන කටයුතු රැසක් සිදුවන නමුත් මුදල් වංචා කළ බවට, ගසා කෑ බවට, අකටයුතුකම් සිදු වූ බවට චෝදනා නැඟෙන්නේ නැති බව ද ඒ මහතා පැවසීය.


    ප‍්‍රධාන අමාත්‍යවරයා ලෙස තමාත් අමාත්‍ය මණ්ඩලයත් රාජ්‍ය නිලධාරීනුත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතාත් ඒ සඳහා විශාල කැපවීමෙන් කටයුතු කරන බව පැවසූ අමාත්‍යවරයා තවදුරටත් පැවසූයේ පළාත් සභාවේ පැවති කළු පැල්ලම් ඉවත් කිරීමට එය මහත් රුකුලක් වූ බවයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ පාලන යුගය උතුරු මැද පළාත් බලප‍්‍රදේශයේ සංවර්ධනයේ ස්වර්ණමය යුගය බවද ප‍්‍රධාන අමාත්‍ය සමරකෝන් මහතා පැවසීය.


    මෙම අවස්ථාවට ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, විශේෂ ව්‍යාපෘති අමාත්‍ය එස්.එම්. චන්‍ද්‍රසේන, නියෝජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.බී. ඒකනායක, පළාත් අධ්‍යාපන අමාත්‍ය කේ.එච්. නන්දසේන, පළාත් සෞඛ්‍ය අමාත්‍ය එච්.බී. සේමසිංහ, පළාත් කෘෂිකර්ම අමාත්‍ය ආර්.එම්.පී.බී. රත්නායක, පළාත් ප‍්‍රධාන ලේකම් එච්.එම්.ආර්.බී. හේරත්, පළාත් අමාත්‍යාංශ ලේකම් ආනන්ද කුලරත්න යන මහත්වරු ද සහභාගි වූහ.

     

    UW/ku

    ncp graduate apointments

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya