මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ මාධ්‍ය හා නව යෞවනය දෙසතිය මාධ්‍ය සම්මන්ත්‍රණය රත්නපුරයේදි

    ජූනි 04, 2014
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දෙසතිය අංශයේ මෙහෙයවිමෙන් සමාජ ජාල වෙබ් අඩවි භාවිතය සම්බන්ධයෙන් අ.පො.ස. සා. පෙළ හා උසස් පෙළ සිසු  සිසුවියන් දැනුවත් කිරිමේ රත්නපුර දිස්ත්‍රික් වැඩසටහන රත්නපුර ෆර්ග්‍යුසන් උසස් බාලිකා විද්‍යාලයේදි පසුගිය දා පැවැත්විණි.
     
     
    සමාජ මාධ්‍ය හා නව යෞවනය මැයෙන් වු මෙම වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ රත්නපුර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කොට තිබුණි.
     
    ප්‍රථම දේශනය පැවැත් වු කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයේ මහාචාර්ය නන්දසාර මහතා පවසා සිටියේ සමාජ මාධ්‍යයන්හි විශේෂයෙන් අන්තර්ජාලය ඔස්සේ ෆේස් බුක් ආදී පරාසයන් කරා ප්‍රවේශ වීමේදී සිදුවන බරපතළ අනර්ථකාරි තත්ත්වයන් පිළිබඳව සිසු සිසුවියන් දැඩි අවබෝධයකින් පසුවීම යුගයේ අවශ්‍යතාවක් බවයි.
     
    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ හා දෙසතිය සගරාවේ ප්‍රධාන සංස්කාරක වසන්ත ප්‍රිය රාමනායක මහතා පවසා සිටියේ පරිගණකය ඔස්සේ වරින්වර සමාජගත වන විවිධ ව්‍යසන පිළිබඳව සිසු පරපුර දැනුවත් කරලීම දෙසතිය අංශය මගින් අඛණ්ඩව දීප ව්‍යාප්තව සිදුකරන බවයි.
     
    රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාවාර්ය ආරියරත්න ඇතුගල මහතා පවසා සිටියේ නව යෞවනය විසින් සමාජ මාධ්‍ය භාවිතයේදි එහි හොඳ සහ නරක අතර මධ්‍ය ලක්ෂ්‍ය තේරුම් ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් නිරන්තර අභ්‍යාසයන්හි යෙදිය යුතු බවයි.
     
    මේ අවස්ථාවට රත්නපුර ෆර්ග්‍යුසන්  උසස් බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි මර්සි ගලගම මහත්මිය ඇතුළුව ජේසු බිළින්දාගේ කන්‍යාරාමය, ගඟබඩ සීවලී, ඇලෝසියස්, මිහිඳු, ධර්මපාල, සුමනා බාලිකා යන විද්‍යාලවල ගුරු මහත්ම මහත්මීන්ද සමඟ සිසු සිසුවියන් 400 දෙනෙකු පමණ සහභාගී වුහ.
     
    සම්මන්ත්‍රණයට සහභාගී වු විද්‍යාලවලට තිළිණ පිරිනැමීමද රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා අතින් සිදු කෙරිණි.
     
    රත්නපුර දිස්ත්‍රික් ප්‍රවෘත්ති නිලධාරී සිසිර වන්නිආරච්චි මහතා විසින් මෙම වැඩසටහන මෙහෙය වන ලදී.
     
    ECB/SW/NR/KM_dmu_Rathnapura

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya