නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අඩු ආදායම් ලාභී නිවාස 25,000ක් වෙත සිමෙන්ති බෙදා දේ

    ජනවාරි 27, 2016
    බිත්ති කපරාරු කර නොමැති අඩු ආදායම් ලාභී නිවාස 25,000 ක් වෙත කපරාරු තැවරීම සදහා සිමෙන්ති බෙදාදීමේ ජාතික වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇත.
    ඒ යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 96 ක් වෙත සිමෙන්ති මුට්ට 960 ක් බෙදාදීම පසුගියදා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරිණි. 
     
    එදිනම මෙම වැඩසටහනේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි  අඩු ආදායම් ලාභි පවුල් වෙත සිමෙන්ති බෙදාදීමද සිදුවිණි.එම අවස්ථාව සදහා පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුලු පිරිසක් එක්වූහ.
     
    මෙහිදී අඩු ආදායම් ලාභි පවුලක් වෙත සිමෙන්ති මුට්ට 10ක් බැගින් ලබා දුන් අතර මෙම වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පනාවකට අනුවය.
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya