නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විදුලිය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක්

    ජනවාරි 20, 2016
    විදුලිය ලබාගැනිමේ ප්‍රවේශයන් පැවැතිය ද තවමත් විදුලිය ලබාගැනිමට නොහැකි වි ඇති ග්‍රාමීය ජනතාව සදහා විදුලිය ලබා දීමේ විශේෂ වැඩපිළිවෙලක් රජය ආරම්භකර තිබේ.
    ඒ අනුව පළමුව දිස්ත්‍රික් ජංගම සේවා පවත්වා විදුලිය ලබාදීමට සැලසුම් කර ඇත. මෙම වැඩපිළිවෙලේ , අනුරාධපුර දිස්ත්‍රික් ජංගම සේවාව පැවැත්විම පිළිබදව විශේෂ සාකච්ඡාවක් , ජනවාරි මස 22 වන දින පෙරවරු 10.00 ට විදුලිබල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ගේ ප්‍රධානත්වයෙන් හා නියොජ්‍ය අමාත්‍ය අජිත් පි. පෙරේරා මහතා ගේ  සහභාගීත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දි පැවැත්විමට කටයුතු යොදා ඇත.  
     
    මෙම වැඩ සටහන විදුලි බල හා පුනර්ජනනිය බලශක්ති අමාත්‍යංශය හා ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. 
     
    මෙම කාර්යයට අදාල සියලු පාර්ශව හා රජයේ නිලධාරින් ද සහභාගි විමට නියමිතයි. 2016 මුල් කාර්තුව වන විට ශ්‍රි ලංකාවේ සියලුම ප්‍රදේශවලට 100% ක් විදුලිය ලබාදිමේ අභිප්‍රායෙන් මෙම  වැඩපිළිවෙල ක්‍රියාවට නංවා තිබේ. 
     
     AP
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya