නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පුත්තලම කෘෂි කර්මාන්තය නංවාලන්න වැඩ සටහන් රැසක්

    ජනවාරි 21, 2016
    පුත්තලම දිස්ත්‍රික්කයේ  සුළු වාරිමාර්ග ප්‍රතිසංස්කරණ වැඩ සටහන යට‍තේ( ගංවතුර හානි )ව්‍යාපෘති 22 ක් සදහා ඇස්තමේන්තු මුදල රු. 8,879,000 ක් වන අතර පුරන්කුඹුරු අස්වැද්දීමේ වැඩ සටහන සදහා ව්‍යාපෘති 9 ක් ක්‍රියාත්මක වේ.  ඒ සදහා ඇස්තමේන්තු මුදල රු. 4,977,000 ක් බව පුත්තලම් දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය පවසයි.
    2015-2016 මහ කන්නයේ කුඹුරු සහනාධාර පොහොර බෙදාහැරීමේ වැඩ සටහන යටතේ ගොවිජන සංවර්ධන කාර්යාලය මගින් සහානාධාර පොහොර බෙදාහැරිම යටතේ පොහොර ලබාගත් ගොවින් ගණන 6,194 කි. ඒ අක්කර 26,911 ක් සදහාය. මේ වන විට යුරියා ටී.එස්.පී, එම්.ඕ.පී පොහොර මෙට්ට්‍රික් ටොන් 1,330 ක් ගොවින් වෙත නිකුත් කර ඇති අතර පොහොර බෙදීමේ  ඉලක්කය මෙ.ටො ගණන 6,161 කි.
     
    පොල් වගා මණ්ඩලය මගින් පුත්ලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ 16  පොල් සංවර්ධන නිලධාරී කොට්ඨාශ යටතේ කාබනික හා ආකාබනික පෙහොර භාවිතය පිළිබදව  ප්‍රතිලාභීන් 564 ක්  සදහා පුහුණු වැඩ සටහන් පැවැත්වු අතර එහි මුල්‍ය ඉලක්කය රු. 65,000 කි.කප්රුක ආයෝජන දැනුවත් කිරිමේ වැඩ සටහන් සදහා මුල්‍ය ඉලක්කය රු.  54,750 
    කි.පොල් ඉඩම්වල අතුරු වගා පිළිබද දැනුවත් කිරීමේ  වැඩ සටහන සදහා මුල්‍ය ඉලක්කය රු .55,250 කි. 
     
    බහු වාර්ෂික බෝග නිෂ්පාදනය-  සහනාධාර වැඩ සටහන යටතේ තවිල්ලුව,පුත්තලම,ආණමඩුව.පල්ලම.කරුවලගස්වැව, නවගත්තේගම,මහකුඹුක්කඩවලමුන්දලම ,ආරච්චිකට්ටුව යන  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සදහා ගොවීන් වෙත පැළ 32,000 ක් නිකුත් කර ඇත.ඉලක්ක අක්කර ගණන 400 කි.නිකුත් කල බලපත් ගණන 201 ක් බව මාධ්‍ය ඒකකය පවසයි.
      
    AP/DMU-Puttalam
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya