නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති පදවි ප්‍රාප්තිය සමරා කෑගල්ලේ වැඩසටහන් රැසක්

    ජනවාරි 08, 2016
    ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු පදවි ප්‍රාප්තියට සෙත්පතා කෑගල්ල දිස්ත්‍රික්කයේ සර්ව ආගමික වැඩසටහන් රැසක් අද දිනයේ දී ක්‍රියාත්මක කෙරිණි. 
    ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික් බෞද්ධාගමික වැඩසටහන කෑගල්ල වෑවලදෙණිය පිරිවෙන් විහාරස්ථානය මූලික කර ගනිමින් පැවැත් වූ අතර ඊට සමගාමීව පිරිවෙන් භූමියේ රුක් රෝපණ වැඩසටහනක් ද ක්‍රියාත්මක කෙරිණ.
     
    හින්දු ආගමික වතාවත් කෑගල්ල නගරයේ ශ්‍රී කදිරේශන් හින්දු කෝවිල මූලික කර ගනිමින් පැවැත් වූ අතර මුස්ලිම් ආගමික වතාවත් සිදු කරන ලද්දේ කෑගල්ල ජුම්මා මුස්ලිම් පල්ලිය මූලික කර ගනිමිනි. 
     
    මේ අවස්ථාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක ලිලාන් අමරකෝන්, කෑගල්ල දිස්ත්‍රික් වැඩබලන දිස්ත්‍රික් ලේකම් අබේවික්‍ර වනසූරිය, කෑගල්ල දිස්ත්‍රික් අතිරේක දිස්ත්‍රික් ලේකම් රුක්මණී ආරියරත්න , කෑගල්ල දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක අමල් අරුණප්‍රිය, කෑගල්ල ප්‍රාදේශීය ලේකම් නාලිකා පියසේන යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූහ. 
     
    AP/DMU-Kegalle
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya