අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් ඩී.පි.ජි. කුමාරසිරි මහතා , අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන්, නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි මහතා , ප්‍රාදේශිය ලේකම්වරු ඇතුළු දිස්ත්‍රිකයේ පරිපාලන ප්‍රධානීන් විශාල පිරිසක් මේ අවස්ථාවට එක්විය.
එහිදි අදහස් දැක්වු අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා පැවැසුවේ, ආගම , ජාතිය මුල්කොට ගෙන ඇතිකර ගන්නා ගැටුම් වලට තිත තැබිය යුතු බවයි. විශේෂයෙන්ම ශ්‍රි ලංකාව තුල විචිත්‍රවත් සංස්කෘතියක් පැවැතීමට විශේෂ හේතුවක් වී ඇත්තේ විවිධ ආගම් වලට අයත් ජනතාව වාසය කිරිමයි. එම විචිත්‍රත්වය විදගනිමින් කිසිදු භේදයකින් තොරව සංහිදියාවෙන් කටයුතු කිරිමට මෙම ආගමික වැඩසටහන් වලින් ආදර්ශ ලබාගත යුතු බව ද එතුමා පෙන්වා දුන්නේ ය.
ජනපති පදවි ප්‍රාප්තියේ වර්ෂ පුර්ණය සමරමින් අනුරාධපුර ජුම්මා මස්ජිද් පල්ලියේ දි දිස්ත්‍රික් ලේකම්වරයා විසින් රුක් පැළ සිටුවිමක් ද සිදුකරන ලදි.
හිංදු ආගමික වතාවත් අනුරාධපුර කදිරේෂන් කෝවිලේ දී උදෑසන හතට පැවැත්විණි.
අනුරාධපුර මෛත්‍රි ක්‍රිස්තු දේවස්ථානයේ දි කතෝලික ආගමික වතාවත් පවැත්වීය. එම ආශිර්වාද පුජාවෙන් පසුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි රුක් රෝපණ වැඩසටහනද පැවැත්විණි.
මින් අනතුරුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත් වීමෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට හා විලච්චිය ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට නිශ්චිත ලෙස කසල බැහැර කිරිම සදහා කසල බදුන්ලබාදිම සිදු විය. කසල බැහැර කිරිම නිසි පරිදි සිදුකරන්නේ කෙසේ ද යන්න පිළිබඳව දැනුවත් කිරීමත් සිදු කෙරිණි.
මෙම වැඩසටහනින් පසුව අලි මිනිස් ගැටුම දැඩිව පවතින ප්‍රදේශයක් වන තලාව , මොරගොඩ ප්‍රදේශයේ ජීව අලි වැට සකස් කිරිමේ සමාරම්භක උත්සවය පැවැත්විණි. මෙය සංවිධානය කර තිබුණේ, තලාව පොලිස් ස්ථානය මගිනි.
මෙහිදී අදහස් දැක්වු දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේ , ජිව අලි වැට සකස් කිරිමෙන් ඇතිවන වාසි සහගත තත්ත්ව පිළිබදව පරිසර නිලධාරින් විසින් ජනතාව දැනුවත් කර මේ සදහා ජනතාව උනන්දු කළ යුතු බවයි.
ජනාධිපතිතුමන්ට රටට සෙත්පතා පවත්වන සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්මදේශනය අද රාත්‍රි නවයට ආරම්භ කිරිමට නියමිතයි. එය අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දි පැවැත්වේ. ඊට ප්‍රථම අද සවස 6.30 ට අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ රියදුරු සංගමය මගින් ජනපති තුමන්ට ආශිර්වාද පතා පහන් දහසක විශේෂ පහන් පුජාවක් ද පවත්වන්නට කටයුතු යොදා තිබේ. අද සවස පැවැත්වෙන පිරිත් සජ්ඣායනය ශ්‍රිලංකා ගුවන්විදුලි සංස්ථාවේ රජරට සේවය ඔස්සේ සජිවී ව විසුරුවා හැරේ.
හෙට උදෑසන මහා සංඝරන්තය විෂයෙහි සංඝ ගත දක්ෂිණාවක් ද දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වේ.
AP/DMU-Anuradhapura