ඒ යටතේ පසුගිය 16 වැනිදා ගුණ ජය සතුට පදනමේ (20Foundation for goodness) අනුග්‍රහය මත 23 වන සේනාංක මූලස්ථානයෙහි සම්භන්ධිකරණය යටතේ "රුහුණු කෙත" පෙර පාසලේ ළමුන් 68 දෙනෙක් වෙනුවෙන් පාසල් උපකරණ කට්ටල බෙදා දීම සිදුවිය. අභ්‍යාස පොත්, පාසල් පාවහන්, නිල ඇදුම් රෙදි, පාසල් බෑග් ඇතුළු එක් අයකුට හිමිවූ පාසල් උපකරණ කට්ටලයක වටිනාකම රු 4500/= ප මණ විය.
241 බලසේනාව මගින් අක්කරේපත්තුව විහාරස්ථානය වටා ආරක්‍ෂිත වැටක් ඉදි කිරීම වෙනුවෙන් පසුගිය 17 වැනි දින මුල්ගල් තබන ලදී. මෙම කටයුත්තේ අධීක්‍ෂණය සම්බන්ධීකරණය සහ ශ්‍රම දායකත්වය 241 වන බලසේනාව මගින් සිදුකරන අතර ආචාර්ය රජීව් විතානගේ සහ ආචාර්ය කුශාන් අතුකෝරාල යන මහත්වරුන්ගේ මුල්‍ය දායකත්වය මත අරමුදල් සපයයි.
6 වන ගජබා, 17 වන ශ්‍රී ලංකා පාබල සහ 3 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලකා සෙබළුන් විසින් නාවලඩි, වාකරේ සහ පනිච්චන්කර්නි යන ප්‍රදේශයන්වල පාසල් ළමුන් 200 දෙනෙකු සඳහා පසුගිය 20 වැනි දින මයිලන්කරච්චි ශ්‍රී බොධිරාජරාමය, කන්දකාඩු පෙරපාසල සහ වාකරේ මහා විද්‍යාලයේ දී සීමාසහිත ඩෙල්මා ලංකා පෞද්ගලික සමාගමේ අනුග්‍රහකත්වයට මත පාසල් උපකරණ සහ වියලි සලාක බෙදාදීමේ වැඩසටහන් සංවිධානය කර තිබුණි.