මයික්‍රෝන 20ට අඩු පොලිතීන් භාවිතය තහනම් කිරීම පිළිබදව මහනුවර නගරයේ වෙළෙදුන් දැනුවත් කිරීමේ වැඩ සටහනකට සහභාභි වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.
මහනුවර නගරයේ සුපිරි වෙළදසැල් ඇතුළු සාමාන්‍ය වෙළදසැල් නිරීක්ෂණයට ලක් කළ අතර එහිදී වෙළදසැල්වල භාවිත කරන පොලිතීන් වල තත්වය පිරික්සීමට ලක්කරන ලදී. එහිදී සමහර පොලිතීන් මයික්‍රෝන 20 ට වඩා වැඩි බව සදහන් කර තිබුනද සැබැවින්ම ඒවා මයික්‍රෝන 20 අඩු බව පරික්ෂා කිරිමේදී අනාවරණය විය.
මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් ප්‍රතිචක්‍රීයකරණය කිරීම, නැවත භාවිත කිරීම අසීරු බැවින් පරිසර හානිය ඉහළ යන බවත්, ප්ලාස්ටික් හා පොලිතින් භාවිතය නිසා සිදුවි ඇති සෘජු හා වක්‍ර සෞඛ්‍ය, පාරිසරික, සමාජිය බලපෑම අවම කිරීමත් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කිරිමට හේතුවක් බවද අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය.
දැනට තහනම් කර ඇති මයික්‍රෝන 20 ට අඩු පොලිතීන් බෑග් හා ආහාර දැවටුම් රාජ්‍ය හා රාජ්‍ය අනුබද්ධිත ආයතන තුලට රැගෙන ඒම ලබන ජනවාරි මාසයේ සිට තහනම් කිරීමටද රජය පියවර ගෙන තිබේ.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට මහනුවර මහ නගර සභාව පරිසර අමාත්‍යාංශය, ජනාධිපති ලේකම් කාර්යාලය, මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඇතුළු ආයතන නියෝජනය කරමින් නිලධාරින් රැසක් සහභාගි වි සිටියහ.
AP/DMU-Kandy