නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද

    දෙසැම්බර් 22, 2015

    ගම්පහ දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද (22) පස්වරු 2.30ට දිස්ත්‍රික් ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිත බව ගම්පහ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

    නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, බස්නාහිර පළාත් අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා හා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතාගේ සම සභාපතීත්වයෙන් මෙම කමිටු රැස්වීම පැවැත්වේ.

     

    2014 වර්ෂයේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන වැඩසටහන්වල අවිච්ඡේද ව්‍යාපෘති, 2015 වර්ෂයේ දී ක්‍රියාත්මක වන ගම් නඟාසිටුවීමේ ව්‍යාපෘති මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය තුළ දැනට ක්‍රියාත්මක වන සහ ඉදිරියේ දී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත සංවර්ධන වැඩසටහන් පිළිබඳව මෙහි දී සාකච්ඡා කිරීමට නියමිතය.

     

    මෙම අවස්ථාවට දිස්ත්‍රික්කයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ ගම්පහ දිස්ත්‍රික් ලේකම්/ මහ දිසාපති සුනිල් ජයලත් මහතා හා අතිරේක දිසාපති අසන්ත ගුණසේකර යන මහත්වරුන් අතුළු ගම්පහ දිස්ත්‍රික්කයේ සියලුම රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානීන් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වීමට නියමිතය.

     

    DMU_Gampaha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya