නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නැවුම් කුරුඳු මංගල්‍යය අමාත්‍ය දයා ගමගේ ප්‍රධානත්වයෙන් සීනිගම දෙවොලේ දී

    දෙසැම්බර් 22, 2015

    ගාල්ල දිස්ත්‍රික් කුරුඳු වගාකරුවන්ගේ සංගමය සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව 10වන වරට සංවිධාන කළ නැවුම් කුරුඳු මංගල්‍යය ඉරිදා (20) ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් සීනිගම දේවාල භූමියේ දී පැවැත්විණි.

    2004 වසරේ ජනතාව පීඩාවට පත් කළ රුදුරු සුනාමි ව්‍යසනයෙන් පසු දිවි බේරාගත් කුරුඳු වගාකරුවන් හානියට පත් කුරුඳු වගාවන් යළි යථා තත්ත්වයට පත් කර ගැනීමෙන් පසු දෙවියන් වූ භාරයක් ලෙස මෙම පෙරහැර සංවිධාන කරයි.

     

    2006 වසරේ හික්කඩුව සංචාරක කලාපය මූලික කර ගනිමින් ආරම්භ වූ මෙම පෙරහැර ආගමික ඉසව්වක් සේම සංචාරකයින් ඉලක්ක කර ගත් සංස්කෘතිකාංගයක් ලෙස ද සංවිධාන කිරීම විශේෂත්වයකි.

     

    මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ උපදේශක ආචාර්ය අනුර කුලතුංග සහ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනුර රූබසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

     

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය ගරු දයා ගමගේ මැතිතුමා මෙසේ අදහස් දැක්වීය.

     

    “2002 අවුරුද්දේ දි ව්‍යාපාරිකයෙක් ලෙස සෙවනගල සීනි කර්මාන්ත ශාලාව ලබා ගත්ත වේලාවේ අපි මේ විදිහටම කිරි වෙහෙරට සීනි මංගල්‍යයක් කළා. මම විශ්වාස කරනවා බෞද්ධයෙක් හැටියට, මෙවැනි පුද පූජා වලින් අපිට විශාල ආශීර්වාදයක් ලැබෙනවා.

     

    මම මේ අවස්ථාවේ දී විශේෂයෙන් ම සඳහන් කරන්න අවශ්‍යයි, අපේ කැපවීම සහ උනන්දුව මතයි මේ කර්මාන්ත ආරක්ෂා කරගෙන දියුණු කරගන්න පුළුවන් වෙන්නේ. පහුගිය අවුරුදු දහයක කාලයේ දී අපිට හොඳ වෙළඳ පොළක් තිබුණු යුරෝපා කලාපයේ රටවල් අප සමඟ තරහා වුණා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුල් වෙලා විවෘත කර ගත්ත මේ වෙළඳපොළ අහිමි වීම නිසා බොහෝ ව්‍යාපාර වසා දමන්න පවා සිද්ධ වුණා.

     

    අපි අද නිදහසින් පසු පළවෙනි වතාවට ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා ආණ්ඩුවක් පිහිටවලා තියනවා. මේ ආණ්ඩුව පිහිටවීමේ අරමුණ තමයි වැටිලා තිබුණු රටේ ආර්ථීකය නගා සිටුවීම. ඒ වගේම අපිට අහිමි වුණු ජාත්‍යන්තර වෙළඳපොළ යළි ගොඩනගමින් අපනයන පුළුල් කිරීමේ හැකියායවක් තියනවා.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya