නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම ප්‍රතිලාභීන්ගෙන් වෙළද ප්‍රදර්ශන

    දෙසැම්බර් 20, 2015
     
    මහනුවර දිස්ත්‍රික්කයේ කුඩා ව්‍යාපාරිකයන් සහ දිවි නැගුම ප්‍රතිලාභීන් විසින් වාර්ෂිකව පවත්වන අලෙවි පොළ සහ වෙළද ප්‍රදර්ශනය මේ මස 22 වැනි දින මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්වීමට නියමිතය.
    මහනුවර කුඩා ව්‍යාපාර සංවර්ධන කාර්යාංශය මගින් සංවිධානය කරන මෙම අලෙවි පොළ සහ වෙළද ප්‍රදර්ශනය එදින පෙ.ව. 10.00 ට ආරම්භ කෙරෙන අතර දවස පුරා පැවැත්වීමට කටයුතු යොදා ඇත. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ දිවි නැගුම ප්‍රතිලාභීන්ගේ තවත් අලෙවි පොළක් සහ වෙළද ප්‍රදර්ශනය  දෙසැ.23 පෙ.ව. 10.00 ට සමාජ සවිබල ගැන්වීම් හා සුභ සාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ගැටඹේ මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වීමටද කටයුතු යොදා ඇත.  මෙම ප්‍රදර්ශනය 23 සහ 24 යන දෙදින පැවැත්වෙන අතර එය සංවිධානය කරන්නේ දිස්ත්‍රික් දිවිනැගුම කාර්යාලය විසිනි. 
     
    මහනුවර දිස්ත්‍රික්කයේ වෙසෙන කුඩා ව්‍යාපාරිකයන්ගේ සහ දිවිනැගුම ප්‍රතිලාභින්ගේ නිමැවුම් ඇතුලත් මෙම අලෙවි පොළ සහ ප්‍රදර්ශන පැවැත්වීමේ මූලික අරමුණ වන්නේ ඔවුන් සදහා වෙළද පොළක් නිර්මාණය කර දීමට දායකත්වයක් දැක්වීමයි. එමෙන්ම පාරිභෝගිකයන්ටද අතරමැදියන්ගෙන් තොරව සාධාරණ මිළ ගණන් යටතේ තම අවශ්‍යතා සපුරා ගැනීමටද මේ තුලින් අවකාශ සැළසේ.
     
    AP/DMU-kandy
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya