නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලබන වසරේ සිට රට අලුත් ගමනක - මුදල් අමාත්‍ය

    දෙසැම්බර් 21, 2015

    අයවැය යෝජනාවලිය වැඩි ඡන්දයෙන් සම්මත වීමත් සමග පරාජයට පත් ව සිටි දේශපාලන කණ්ඩායම් යළිත් අන්ත පරාජයකට පත් වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ජනතාවාදී අයවැය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා අවශ්‍ය වරම දැන් ලැබී ඇති බවයි. ඒ අනුව ලබන ජනවාරි මස සිට ජාතික වැඩපිළිවෙළක් ඔස්සේ රටේ ආර්ථිකය ගොඩනැංගවීම සඳහා සියලු පාර්ශ්වවල සහය අපේක්ෂා කරන බව රවී කරුණානායක මහතා පෙන්වා දෙයි.

    දිවියට සවියක් වැඩසටහන යටතේ මෝදර ප්‍රදේශයේ අඩු ආදායම් ලාභී ජනතාව වෙත සහන ලබා දීම වෙනුවෙන් අද (20)පෙරවරුවේ මෝදර දි ලා සාල් විදුහලේ පැවැති උත්සවයක දී රවී කරුණානායක මහතා මේ බව පැවැසීය. මෙහි දී වියල ආහාර ද්‍රව්‍ය, ඇස් කණ්ණාඩි, පාසල් අභ්‍යාස පොත් සේ ම ආබාධිතයන් වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කිරීම ද සිදු කෙරිණි.

     

    උත්සවයේ දී වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා -

     

    “අපේ ප්‍රතිපත්තිය වන්නේ මේ ජනතාවගෙන් ලැබුණ වරම තුළින් වෙනසක් ඇති කරල පෙන්නල දෙන එකයි. අපි මොන දේ කළත් ඒකට විරුද්ධව මොකක් හරි කියන්න පිරිසක් ඉන්නවා. අපි මේ රටේ කිරි මිල අඩු කළා ම ඒකට මොකක් හරි කියනවා. ටින් මාළු මිල අඩු කළාමත් එහෙමයි. පරිසරය ආරක්ෂා කරන්න වායු බද්දක් දාපුවා ම ඒකටත් මොකක් හරි කියනවා. මේ වගේ මේ රට සංවර්ධන කරන්න අකැමැති පිරිසක් ඉන්නවා. අන්න ඒ පිරිසට තමයි මම මේ ආමන්ත්‍රණය කරන්නෙ.

     

    ඊයේ පාර්ලිමේන්තුවේ දී අපි දැක්ක මොකක් ද වුණේ කියල. එදා ජනතාවට ජීවත් වෙන්න විදියක් තිබුණෙ නෑ. ආදායම මදි ණය ටික ගෙවා ගන්න. නමුත් මේ අයවැය මගින් ඒ සියල්ල වෙනස් කරල තියෙනවා. වෙනස් ම ගමනක් තමයි අපි ජනවාරි මාසෙ ඉඳල යන්නෙ. මේ රටේ නිවාස ප්‍රශ්න විසඳලා, තරුණ තරුණියන්ට රැකියා දීල, ජීවන බර අඩු කිරීම වගේ ම පිරිසිදු පාලනයක් ඇති කිරීම තමයි අපේ අපේක්ෂාව.

     

    එදා වසර 10ක් රාජ්‍ය සේවයකයන්ගේ වැටුප් වැඩි නොකළ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා රාජ්‍ය සේවක වැටුප් ගැන කතා කරනවා. මේ වගේ නායකයො විළි ලැජ්ජාවක් නැතුව කරන ප්‍රකාශ ගැන ජනතාව අවදියෙන් සිටිය යුතුයි. මෙතන තියෙන්නෙ දේශපාලන වෛරය. අපි කුමන බාධක පැමිණියත් රට ගොඩනගන ගමන ශක්තිමත්ව ඉදිරියට ගෙන යනවා” යැයි ද හෙතෙම කියා සිටියේ ය.

     

    මෙම අවස්ථාවට රවී කරුණානායක මැතිණිය, ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ එම්.කේ හසන් මහතා සහ නාගරික මන්ත්‍රීවරුන් වන අලුත්ගෙදර චමින්ද, තරංග අතුරලිය, මහේන්ද්‍ර ද සිල්වා යන මහත්වරු ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya