අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බෙන්තර ඇල්පිටිය මැතිවරණ කොට්ඨාශයේ ඇල්ල ප‍්‍රදේශයේ විදුලි යෝජනා ක‍්‍රමය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
තවදුරටත් උත්සවය ඇමතූ අමාත්‍යවරයා පැවසුවේ,
“නොනගත කාලේ වගේ ආණ්ඩුවක් පිහිටෙව්වාම එක පාරටම කර්මාන්ත ශාල එන්නේ නැහැ. ආයෝජකයෝ ඇවිල්ලා වැඩ පටන් අරන් රස්සාවල් එන්නේ නැහැ. අධිවේගී මාර්ග එක පාරට හැදෙන්නේ නැහැ. පළවෙනි අයවැය තිබුණේ නොවැම්බර් 20. තාම ඒකේ ඡන්ද විමසීමත් නැහැ. ඒකේ පළමු ඡන්ද විමසීම කරන්න ඕන. දැන් පොඩි කලබල හදිස්සි ඉවසගන්න බැරි තැන් විවේචනය කරනවා අරක නැහැ. මේක නැහැ කියලා. මම ඒ එකකටවත් සෙලවෙන්නේ නැතුවේ ඉන්නේ ඒකයි. ඉස්සර අයවැයක් ආවාම විරුද්ධ පක්ෂය නගන හඬ තමයි පොඩි මිනිහට ගහලා පීඩිත පන්තිය ඉවරයි. බඩු මිල නග්ගලා කියලා.
පරිප්පු ගැන, භූමිතෙල් ගැන කතා කරනවා. අද ඒවා ගැන කතා කරන්නේ නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ 11ක් අපි අඩු කළා එවෙලෙම. රුපියල් 2,500කින් රජයේ සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා කියලා 2005 බලයට ඇවිල්ලා මොනවද කළේ. අපි දින 100 ඇතුළත රුපියල් 10,000කින් වැටුප් වැඩි කරනවා කියලා කිව්වා. අපි ඒක කළා. අද රුපියල් 10,000ක් අමරතව සාක්කුවට වැටෙන්නේ නැද්ද එක පවුලක රජයේ සේවකයින් දෙන්නෙක් ඉන්නවනම් රුපියල් 20,000ක් අමතරව හම්බවෙනවා.
ජනවාරි 08 වෙනිදා ආණ්ඩුවේ වෙනසත් එක්ක තෙල් මිල බැස්සුවේ අපි ඩීසල්, භූමිතෙල්, පෙට‍්‍රල් තුනේම මිල බැස්සුවා. පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 32කින් එක පාරට බැස්සුවේ ලංකා ඉතිතාහසයේ පළමු වතාවට. මේ අයවැය ලංකා ඉතිහාසයේ පළමු වතාවට ප‍්‍රධාන දේශපාලන පක්ෂ එකතු වෙලා ජාතික ආණුඩවක් යටතේ හදපු පළවෙනි අයවැය.අවුරුදු දෙකකට ප‍්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා අපි අළුත් දේශපාලන අත්දැකීමක් භූක්ති විඳින වේලාවකයි මේ අයවැය ඉදිරිපත් කෙරෙන්නේ.“ යැයි ය.