නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දින සැමරුම් උත්සවයක් පස්ගොඩ දී

    දෙසැම්බර් 01, 2015
    ජාත්‍යන්තර ආබාධ සහිත වූවන්ගේ දින සැමරුම් උත්සවයක් දකුණු පළාත් සමාජ සුභසාධන අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  දෙසැම්බර් 03 දින මාතර - පස්ගොඩ ප්‍රදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත් වේ.
    මෙහි දී ජන ගායනා, ගීත ගායනය, දහම් දැනුම, චිත්‍ර තරගය, රෝද පුටු තරගය, මීටර් 50 දිවීමේ තරගය, තාල වාද්‍ය තරගය, කථික තරගය, රචනා තරගය, බැලුම් පිපිරවීමේ තරගය සහ නැටුම් තරගය ඇතුළු තරඟ ගණනාවක් පැවැත්වීමට නියමිතය.
     
    පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ “දිරිය ශක්ති“ ආබාධ සහිත වූවන්ගේ දෙමාපිය සංවිධානය හා පස්ගොඩ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සමාජ සේවා අංශය මගින් මෙම සැමරුම් උත්සවය සංවිධානය කරන අතර මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් ලේකම් ඊ.ඒ.සී. විදානගමාච්චි මහත්මියද සහභාගි වීමට නියමිතය.
     
    AP/DMU-Matara
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya