නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 4.3 ක්

    දෙසැම්බර් 01, 2015
     
    නව රජයේ ග්‍රාමිය මාර්ග සංවර්ධන ව්‍යපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික්කයේ මාර්ග 51 ක කිලෝමිටර් 194 ක් කාපට් අතුරා සංවර්ධනය කිරිමට නියමිත බවත් මේ සදහා රජය රුපියල් බිලියන 4.3ක මුදලක් වැය කරන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතා පැවසිය.
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ග්‍රාමිය මාර්ග සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතිය යටතේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධාන උත්සවයට සහභාගි වෙමිනි. මාතලේ යටවත්ත මාතලාපිටිය හා කනන්ගමුව පාරාවත්ත මාර්ග සංවර්ධනය කිරිමේ වැඩකටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
     
    ආසියානු සංවර්ධන බැංකුවේ මුල්‍යාධාර යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර ඉදිකිරිම් කාලය අවුරුදු 2ක් වේ. 
    නඩත්තු කාලය අවුරුදු 03ක් වන අතර මාර්ග සංවර්ධන අධීකාරියේ පුර්ණ අධික්ෂණය යටතේ මෙම ඉදිකිරිම් කටයුතු සිදු වේ.
     
    මාතලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ මාර්ග 3ක් ද යටවත්ත මාර්ග 5ක්ද රත්තොට මාර්ග 8ක්ද උකුවෙල මාර්ග 5ක්ද දඹුල්ල මාර්ග 8 ක්ද ගලේවෙල මාර්ග 4 ක්ද පල්ලේපොල මාර්ග 2 ක්ද නාඋල මාර්ග 5 ක්ද විල්ගමුව මාර්ග 7ක්ද අඹන්ගගකොරලයේ මාර්ග 4ක්ද ලග්ගල එක් මාර්ගයක් සහ මාතලේ දිස්ත්‍රික්කයේ තවත් මාර්ග ගණනාවක් මෙම ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කිරිමට නියමිත බවද අමාත්‍යවරයා පැවසිය.
     
    AP/DMU-Matale
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya