නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ මාධ්‍යවේදීන් සඳහා පාරිසරික සන්නිවේදන වැඩවුළුවක්

    ජූනි 29, 2015
    මාතලේ දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය මඟින් සංවිධානය කරන ලද ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා වන පාරිසරික නීතිය පිළිබඳ  වැඩමුළුව හා මාධ්‍ය හමුව මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය අමාත්‍ය වසන්ත අලුවිහාරේ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙ.ව. 9.00 සිට මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
     
    මෙම වැඩමුළුවේදී පාරිසරික සන්නිවේදනය සහ ජනමාධ්‍ය මැයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මනෝජ් පුෂ්ප කුමාර ජිනදාස , පරිසර සන්නිවේදනය හා සංවර්ධනය මැයෙන් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය දර්ශනි ගුණතිලක, පරිසර නීතිය හා සන්නිවේදනය මැයෙන් නීතිඥ ප්‍රදීපා ගනේආරචිච් සහ ලීගල් ලංකා මැනේජ්මන් ආයතනයේ විධායක අධ්‍යක්ෂ දර්ශන පලිහක්කාර යන මහත්ම මහත්මීන් දේශන පැවැත්වීමට නියමිතය.
     
    මෙම වැඩමුළුව සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව, වර්ල්විෂන් ලංකා ආයතන, ලංකා පෝෂිලේන් සමාගම සහ Sinohydvo kalugaga Reservoiv Head Work Project යන ආයතන අනුග්‍රහය දක්වනු ඇත.
     
    මෙම අවස්ථාවට මාතලේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස්, අතිරේක දිස්ත්‍රික් ලේකම් තේජානි තිලකරත්න, අතිරේක දිස්ත්‍රික් ලේකම් (ඉඩම්) කුලතුංග හෙට්ටිආරච්වි යන මහත්ම මහත්මීන් සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් රැසක් සහභාගි වීමට නියමිතය.
     
    NDH/dmu_Matale

     

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya