නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    Future Minds - 2015 අධ්‍යාපනික ප්‍රදර්ශනය හෙට මහනුවරදී

    ජූනි 26, 2015
    Future Minds - 2015 ජාතික අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන ප්‍රදර්ශනය හෙට (27) හා අනිද්දා (28) දෙදින මහනුවර "කැන්ඩි සිටි සෙන්ටර්" හිදී පැවැත්වේ.

    ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවය මධ්‍යම පළාත් ආණ්ඩුකාර සුරංගනී එල්ලවල මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට පෙරවරු 9.00ට පැවැත්වීමට නියමිතය.
     
    "No One Left Behind (කිසිවෙකුත් අත් නොහරිමු)" යන්න මෙහි තේමාවයි. 
     
    මෙම ප්‍රදර්ශනය ශිෂ්‍යයන්ට කාර්යක්ෂම වෘත්තීය සැලසුම්කරණයක් සඳහා විවිධ මාවත් හා අවස්ථා සපයා දෙන අනඟි අවස්ථාවකි. මේ මඟින් උසස් අධ්‍යාපන සුදුසුකම් සොයා යන ශිෂ්‍යයන් හා අපේක්ෂාවන් සහිත තරුණ තරුණියන්ට උසස් අධ්‍යාපන ආයතන, රාජ්‍යයන් හා පෞද්ගලික අධ්‍යාපනික සේවා අතර සන්නිවේදනය සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට අවස්ථාව සලසා දෙයි. දිවයිනේ ප්‍රමුඛතම අධ්‍යාපනික ප්‍රදර්ශනයක් ලෙස ෆියුචර් මයින්ඩ්ස් අධ්‍යාපනික සේවා අංශයේ ඉහළ ප්‍රමිතියක් නිර්මාණය කර ඇත. මේ සඳහා දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන රැසක් දායකත්වය සපයයි. 
     
    මෙම ප්‍රදර්ශනය සංවිධානය කරන ලද්දේ නාලන්දා විද්‍යාලයීය කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගමය (NJOBA) විසිනි.
     
    මීට සමගාමීව ගාල්ලේ පවත්වන ප්‍රදර්ශනය සැප්තැම්බර් 19 හා 20 දෙදින ගාල්ල නගර ශාලාවේ පැවැත්වීමට නියමිතය.
     
    ප්‍රදර්ශනය පැවැත්වෙන දිනයන් හි පෙරවරු 9.00සිට පස්වරු 6.00 දක්වා සියලු දෙනාට නොමිලේ ප්‍රදර්ශනය නැරඹීම සඳහා අවස්ථාව ඇත.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya