නොවැම්බර් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “රන් දළු මහිම - 2015” ප්‍රදර්ශනය හා වැඩමුළුව ජුනි 29 සහ 30 දෙදින ගාල්ලේ දී

    ජූනි 25, 2015
     
    “රන් දළු මහිම - 2015” ප්‍රදර්ශනය හා වැඩමුළුව ජුනි මස 29 සහ 30 යන දිනයන්හි  ගාල්ල හෝල් ඩී ගෝල් ශාලාවේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය පවසයි.
    මෙම වැඩ සටහන තුළින් කුඩා තේ වතු හිමියන්, තේ කම්හල් හිමියන්, තේ නිෂ්පාදකයින්, අලෙවිකරුවන් ඇතුලු සියලු පාර්ශව දැනුවත් කිරීම සඳහා සම්මන්ත්‍රණ, වැඩමුළු හා විශේෂ ප්‍රදර්ශන කුටි සැලසුම් කිරීමට නියමිතය. 
     
    වර්තමානයේ තේ කර්මාන්තයට එල්ල වී ඇති බලවත් තර්ජන 
    සැලකිල්ලට ගෙන තේ  නිෂ්පාදකයාගේ අස්වනු ඵලදායිතාව ඉහළ නැංවීම, නිෂ්පාදනයේ පිරිවැය හා ගුණාත්මක භාවය ඉහල නැංවීමේ  අරමුණුනින් මෙම වැඩ සටහන ක්‍රියාත්මක කෙරේ.
     
    මීට අමතරව  දිස්ත්‍රික්කයේ ජන ජීවිතය නංවාලීමේ අරමුණින්  දැනට ක්‍රියාත්මක වන  සමාජ ඵලදායීතා ප්‍රවර්ධන වැඩ සටහන යටතේ තේ කර්මාන්තයේ නිෂ්පාදනය, සැකසුම් ක්‍රියාවලිය, අලෙවිය පිළිබඳ දිස්ත්‍රික් ප්‍රදර්ශනයක් හා වැඩමුළු මාලාවක් පැවැත්වීමටද  සැලසුම් කර ඇත.
     
    කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා තේ පර්යේෂණායතනය,  ශ්‍රි ලංකා තේ මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමය,  ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා එක්ව මෙම වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     
     AP/DMU-Galle
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya