ඉහල ගුණාත්මක භාවයකින් යුත් ඇටඹ, මී අඹ, මොර, දිවුල්, සියඹලා බෙලි, කටු අනෝදා හා දේශීය දොඩම් වර්ග මේ යටතේ වගා කෙරේ.
මෙහි පළමු පියවර ලෙස රාජ්‍ය නිලධාරීන්ගේ නිල නිවාස 50 ක් කේන්ද්‍ර කරගනිමින් මෙම පලතුරු වගාව ආරම්භ කිරිමට නියමිතය.
වර්තමානයේ දේශීය පලතුරු වර්ග පිළිබඳ පවතින අවධානය අඩුවෙමින් පවතින බැවින් මෙම වැඩ සටහන තුලින් අනාගත පරපුරට දේශීය පලතුරු වර්ග පිළිබඳ අවබෝධයක් ලබා දීමට හා භාවිතයට යොමු කිරීමට හැකියාව ලැබෙනු ඇතැයිද අනුරාධපුර දිස්ත්‍රික් කෘෂිකර්ම අංගය පවසයි.
AP/DMU- Anuradhapura