සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිටදී සුරියවැව ප්‍රාදේශීය ලේකම් නාමල් ලියනගේ මහතා ප්‍රමුඛ කාර්ය මණ්ඩලය විසින් නිමාලි ලියන ආරච්චි මෙනෙවිය පිලිගෙන ඉන් අනතුරුව රිය පෙරහැරකින් හ/නමඩගස්වැව විදුහල වෙත කැදවා ගෙන යන ලදී.
එහිදී විදුහල්පති තුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය හා සිසු සිසුවියන් විසින් නිමාලි ලියනආරච්චි මෙනෙවිය හා ඇයගේ පුහුණුකරුවන සුජිත් අබේසේකර මහතා පිලිගැනීමෙන් අනතුරුව විදුහලේ ශ්‍රවණාගාරය වෙත කැදවා ගෙන ගියහ.
මෙම උපහාර උත්සවයේදී අදහස් දැක්වු නිමාලි ලියනආරච්චි මෙනෙවිය මට මගේ රටේ කොඩිය එදා චීනයේදී ඔසවන්න ඕන වුණා. මගේ ජාතික ගීය ගායනා කරන්න ඕන වුනා. මොකද විදේශ රටවල් තමන්ගේ ජයග්‍රහණය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ලාංචන පිරිනමන විට එම රටේ කොඩිය රැගෙන ගොස් ඒ රටේ ජාතික ගීය ගායන කරමින් තමයි එම පදක්කම් ලබා ගත්තේ. ඒ නිසා මම දැඩි අධිෂ්ඨානයකින් ක්‍රියා කලා ජයග්‍රහණයක් ලබා ගන්න. මේ නිසා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට හැකි වුණා යැයි නිමාලි ලියන ආරච්චි මෙනෙවිය පැවසීය.
මෙහිදී අදහස් දැක්වු විදුහල්පති ජී.ඒ. අනුර මහතා ඇය මේ ක්‍රිඩාවට එන්නේ සුරිය වැව වැනි දුෂ්කර ප්‍රදේශයක සිටයි. මේ වගේ ජයග්‍රහණ ලැබු විට ඔවුන් තවතවත් දිරිමත් කරන්න කටයුතු කල යුතු බව පැවසීය.
මෙහිදි නිමාලි ලියන ආරචිචි මෙනෙවියගේ ජයග්‍රහණය අගැයීම
වෙනුවෙන් තිලිණයක් හා පුහුණුකරුවු සුජිත් අබේසේකර මහතාගේ සේවය අගැයීම වෙනුවෙන් තිළිණයක්ද පිරිනැමිණි.
AP/JP - DMU -Hambanthota