මෙහි පළමු අදියර යටතේ පස්ගොඩ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ තෝරාගත් පවුල් හයක් සඳහා එකම ස්ථානයක ආදර්ශ නිවාස ඉදිකරන ලදි.
එහි සාර්ථකත්වය මත දෙවන අදියර යටතේ හක්මණ, කොටපොල හා වැලිගම යන ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල තෝරාගත් පවුල් සඳහා නිවාස තුනක් ඉදිකිරීමට අපේක්‍ෂිත ය.
පළමු නිවස ඉදිකිරීමේ කටයුතු ඒ අනුව පසුගියදා හක්මණ දී සිදු කෙරිණි. ඉතිරි නිවාස දෙකෙහි කටයුතු ඉදිරියේ දී ආරම්භ කිරීමට නියමිත ය.
එක් නිවසක් ඉදිකිරීම සඳහා රුපියල් 500,000 ක් වැය කරන අතර මිනිස් ශ‍්‍රමය සමඟ එකතු කිරීමේ දී එක් නිවසක වටිනාකම රුපියල් 800,000 පමණ වන බව මාතර දිස්ත‍්‍රික් ආපදා සහන සේවා නිලධාරී අනුජන්ත විදානගේ මහතා පවසයි.
DMU/Matara