ඒ අනුව ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධව සිට පුනරුත්ථාපනය වී සමාජගත කළ පුද්ගලයන්ට ස්වයං රැකියා ණය යෝජනා ක්‍රමයක් සඳහා පහසුකම් සැපයීම මෙම යෝජනාවෙන් ආවරණය කරයි.
මෙමඟින් අභිමානවත් අයුරින් ඔවුන්ගේ ජීවිත ගත කිරීමට හැකි වන පරිදි සිය ආර්ථික පරිසරය ගොඩනඟා ගැනීම සඳහා මෘදු ණය ලබා දීමට අපේක්ෂා කෙරේ. ආසන්න වශයෙන්, පුද්ගලයින් 2500ක් පමණ මෙම ප්‍රතිලාභ ලබා ගනු ඇත. මේ යටතේ ඉදිරියේ දී ණය ලබා ගැනීමේ අපේක්ෂාවෙන් ලද අයදුම්පත් සංඛ්‍යාව 5750 ද ඉක්මවයි.
2014 දෙසැම්බර් 31 දක්වා මෙම යෝජනා ක්‍රමය යටතේ රාජ්‍ය බැංකු මගින් රුපියල් මිලියන 302 ඉක්මවූ ණය මුදල් ලබා දී ඇත.
මෙම ණය යෝජනා ක්‍රමයේ දෙවන අදියර අවශ්‍ය සංශෝධන සහිතව ලංකා බැංකුව, මහජන බැංකුව, ලංකාපුත්‍ර බැංකුව සහ ශ්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස නැවත පදිංචි කිරීම, ප්‍රතිසංස්කරණය හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමැතිය ලබා ඇත.
SDF