සම්බුද්ධ ශාසනයට සුවිසල් මෙහෙවරක් සිදු කළ අතිපූජ්‍ය ගිලීමලේ චන්ද්‍රාලෝක හිමිපාණන් වහන්සේ ශ්‍රි පාද අඩවිය අසබඩ පිහිටි අතිශය දුෂ්කර රත්ගඟ ගම්මානයේ ඉදිකරන ලද පුංචි දඹදිව ලෙස මුළු රටම හැඳින් වු විහාරස්ථානයට දිවයිනේ සතර දිග්භාගයේ ලක්ෂ සංඛ්‍යාත සැදෑවත් ජනතාව සම්බන්ධ කර ගැනිමට සමත් වූහ.
මේ නිසාම රත්ගඟ ගම්මානය කරා මාර්ග පහසුකම් වැඩි දියුණු වු අතර ගැමි ජනතාවගේ ආර්ථික දියුණුවටද විශාල ප්රගමනයක් රත්ගඟ විහාරස්ථානය නිසාවෙන් ඇතිව තිබේ.
අදාහන පූජෝත්සවයේ සංවිධාන කටයුතු රත්නපුර දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා ප්රමුඛ සංවිධායක කමිටුවක් මගින් දියත් කෙරේ.
kpm/DMU/Rathnapura