විවිධ අවස්ථාවල දී ජාතික පුෂ්පය වශයෙන් නිවැරදි මානෙල් පුෂ්පය ප්‍රදර්ශනය නොකිරීම නිසා මෑතකාලීනව උද්ගත වී තිබෙන විෂමතා සැලකිල්ලට ගෙන ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පරිසර අමාත්‍යවරයා ලෙස මේ පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් ලබා දෙමින් ඒ පිළිබඳව අදාළ රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කර අනුමත කරගෙන ඇත.
ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය සිංහල භාෂාවෙන් ‘මානෙල්‘ ලෙස ද දෙමළ භාෂාවෙන් ‘නීලෝත්පලම්‘ ලෙස ද ඉංග්‍රීසි භාෂාවෙන් ‘Blue Water Lily‘ ලෙස ද හඳුන්වනු ලැබේ.
ඒ අනුව ජාතික පුෂ්පය පිළිබඳව සඳහන් කරන සෑම අවස්ථාවකම ඊට අදාළ නිවැරදි රූපය හා නිවැරදි විද්‍යාත්මක නාමය වන ‘Nymphaea nouchali Burm.f‘ යන්න භාවිත කිරීමට සෑම ආයතනයක්ම හා පුද්ගලයෙක්ම පියවර ගත යුතුය.
SDF