නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘ජාතික දුම්වැටි විරෝධී සතිය’ නිමිත්තෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි දැනුවත් කිරීමේ වැඩසටහනක්

    ජූනි 11, 2015
    මධ්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානයෙ හි සම්පත් ද සේරම් මහතා සහ ඉන්දික රාජපක්ෂ මහතා විසින් ජාතික දුම්වැටි විරෝධී සතිය නිමිත්තෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ශ්‍රවණාගාරයේ දී පසුගියදා  පැවැත් වූ අතර ඒ සඳහා එම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ රාජකාරී නියුතු නිලධාරීහු 20 දෙනෙකු සහ සෙසු නිලයන් 400 දෙනෙකු සහභාගී වූහ.  
      
    ජනාධිපති කාර්යසාධක බලකාය විසින් මැයි  31 වන දින සිට ජූනි  6 වන දින දක්වා වෙන් කර තිබූ ජාතික දුම්වැටි විරෝධී සතියට සමගාමීව පවත්වනු ලැබූ මෙම දැනුවත් කිරීමේ වැඩසටහනෙ හි මත්ද්‍රව්‍ය භාවිතයේ ඇති අතුරු ප්‍රතිඵල සහ දුම්කොළ සහ වෙනත් ඹෟෂධ පිළිබඳ ව දැනුවත් කරනු ලැබීය.     
     
    මනෝ විද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයේ උපදෙස් මත මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා මහතාගේ  අධීක්ෂණයෙන් මෙම වැඩසටන සංවිධානය කරනු ලැබීය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya