නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ වන 23 වන සේනාංකයේ සේවයේ නියුතු නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා විදුලි පරිභෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පසුගියදා වැලිකන්ද මහා විද්‍යාල දේශන ශාලාවේදී පවත්වන ලද අතර එම දේශනය විදුලිබල මණ්ඩලයේ නැගෙනහිර පළාත් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී නවනේෂ්වරම් මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් විසින් මෙහෙයවන ලදී.
මෙහිදී විදුලිය අරපිරිමැස්මෙන් යුතු ව පරිභෝජනය කිරීමේ වැදගත්කම පිළිබඳ ව අවධාරණය කළ අතර මේ සඳහා නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරීහු 30 දෙනෙකු සහ සෙසු නිලයන් 650 දෙනෙකු සහභාගී වූහ.
මෙම වැඩසටහන 23 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩී.ඩී.යූ.කේ. හෙට්ටිආරච්චිගේ මඟපෙන්වීම මත සංවිධානය කෙරිණි.
NDH