නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කළුතර තේ කර්මාන්තයේ ශ්‍රම හිඟයට පිළියමක්

    ජූනි 07, 2015
    තේ කර්මාන්තය පවත්වාගෙන යාමේදී මතුවී ඇති උග්‍ර ශ්‍රම හිඟයට පිළියමක් ලෙස තේ වගාවට නව යන්ත්‍ර සුත්‍ර කිහිපයක් හඳුන්වාදීමට කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය කටයුතු කර ඇත.
     
    මෙම යාන්ත්‍රිකරණ වැඩසටහන යටතේ  රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා යන්ත්‍ර සුත්‍ර කට්ටල 16ක් තේ කර්මාන්ත ශාලා කිහිපයකට හා තේ හිමියන්ගේ සංවිධාන කිහිපයකට මේ වන විට ලබා දී ඇත. මෙම යන්ත්‍ර සුත්‍ර අතරට තේ දළු නෙලන මැෂින්, ගස් කප්පාදු මැෂින්, වලවල් හාරන මැෂින් හා දළු කපන කතුරු ඇතුලත් වේ.
     
    තේ ව්‍යාපෘති නිලධාරින්ගේ හිඟයට පිළියමක් ලෙස දැනට ප්‍රාදේශීය මට්ටමින් සිටින ආර්ථික සංවර්ධන නිලධාරින්  නිසි පුහුණුවක් ලබා දී තේ ව්‍යාප්ත නිලධාරින් ලෙස යොමු කරන ලෙස දිස්ත්‍රික් ලේකම් යු.ඩී.සී.ජයලාල් මහතා දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට උපදෙස් දී ඇත.
     
    තේ කර්මාන්තය දියුණු කිරිමට ඇති බාධක අතර ශ්‍රමිකයන් සොයා ගැනීමේ අපහසුව හා පුහුණු ශ්‍රමිකයන්ගේ හිඟය ප්‍රබල ලෙස බලපා ඇති බව තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි.
    දැනට තේ අක්කරයකින් ලැබෙන අස්වැන්න අක්කරයකට තේ දළු කිලෝ ග්‍රෑම් 300 - 400 ක් පමණ වන අතර නව තාක්ෂණය හඳුන්වා දීමේ වැඩසටහන යටතේ එය අක්කරයකට තේ දළු කිලෝ ග්‍රෑම් 800ක් දක්වා ඉහළ නැංවිය හැකි බව ද කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පෙන්වා දෙයි .
     
    කළුතර දිස්ත්‍රික්කය තුළ කුඩා තේ වතු හිමියන් 38,000ක් පමණ සිටින අතර පහත රට තේ කර්මාන්තයේ  යෙදෙන ප්‍රමුඛ  දිස්ත්‍රික්කය ලෙස කළුතර හඳුනා ගෙන ඇත.
     
    AP/SP_DMU-Kalutara

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya