මෙම රීදිගම වැව්තාඋළෙලේ පිහිටි භූමියේ පුවක්, නෙල්ලි, දොඩම්, මී පැල, ඇසළ, කොස්, අඹ ඇතුළු විවිධ පැල වාර්ග රෝපණය කිරීම සිදු විය.
‘තිරසාර භාවය සුරකී මහිකත‘යන තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ අතර හම්බන්තොට අඩවි වන කාර්යාලය, අම්බලන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග කාර්යාලය, එක්ව අම්බලන්තොට රිදීගම ව්‍යාපාරයේ ගොවි සංවිධාන එක්ව මෙය ක්‍රියාත්මක කෙරිණි.
මෙම රුක් රෝපණ වැඩසටහනට අමතරව ජගත් පරිසර දිනයේ වැදගත්කම හා පරිසර රැක ගැනීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් ද පැවැත් විණි.
රීදීගම බෝධිරුක්ඛාරාම රජමහා විහාරාධිපතිපූජ්‍ය දන්දෙණියේ චන්දානන්ද නාහිමි, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ආර්.සී. ද සොයිසා, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් එච් තිලකවර්ධන, හම්බන්තොට දිසා වන නිලධාරී අශෝක හේරත් බණ්ඩාර, අම්බලන්තොට ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු අජිත් හේමචන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
kpm/JP_DMU_Hambanthota