නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හම්බන්තොට වන අලි ගැටලුවට සැලසුමක්

    ජූනි 07, 2015
    හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රධාන ගැටලුවක් වන අලි උවදුර මැඩීම සඳහා අවශ්‍ය අලිවැටවල් පිළිබඳ ප්‍රශ්නය මේ වසර තුළ විසඳා අවසන් කළ යුතු බවත් ඒ අලි වැටවල් ගැසිය යුතු ස්ථාන හඳුනා ගෙන ඇති බවත් හම්බන්තොට දිස්ත්‍රීක් ලේකම් ආර්.පී.ද සොයිසා  මහතා පවසයි.
     
    අලි වැටවල් ගැසීමට ද සැලසුම් කර ඇති බව මාගම් රුහුණුපුර පරිපාලන සංකීර්ණයේ පසුගියදා පැවති රැස්වීමේදී ඒ මහතා පැවසීය. 
     
    අලි වැටවල් ගැසීමේදී ජනතාවගේ සහ ඇතැම් ආයතනවල විරෝධතාවයන් පැමිණෙන අතර ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය පිළිබඳ ගැටලු පවතී. 
     
    එහෙයින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමඟ සාකච්ඡා කර මේ පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණයකට එළඹිය යුතු බවත් ප්‍රාදේශීය ලේකම්වරු, වනජීවී දෙපාර්තමේන්තුව හා ජනතාව හා එක්ව  මෙම ගැටලුව විසඳිය යුතු බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පෙන්වා දුන්නේය.
     
    අනවසර විදුලි වැටවල් හේතුවෙන් ජනතාවගේ සහ අලීන්ගේ ජීවිත හානියට පත්වන බව පෙන්වා දෙන  වනජීවී නිලධාරින් විදුලි වැටවල් පිළිබඳ ජනතාව තුළ ඇති අනවබෝධය නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බව සඳහන් කරයි.
     
    රජය විදුලි වැටවල් ගසන විට විරුද්ධ වන්නේ ද මෙම අනවබෝධය නිසා බව වනජීවි නිලධාරීන් පෙන්වා දෙති. 
     
    AP/JP_DMU- Hambanthota

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya