එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රගමණය උදෙසා පැවැති නිලධාරී හිඟයට පිළියමක් ලෙස නව නිලධාරීන් පත්කර ගැනීමට හැකි වීම මඟින් වඩා යහපත් මහජන සේවයක් ලබා දිය හැකි බව සඳහන් කළේය.
තරුණ උගත් නිලධාරීන් පිරිසක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව වෙත සම්බන්ධවීම දෙපාර්තමේන්තුව ලද ජයග්‍රහණයක් ලෙස මෙහිදී ප්‍රකාශ කළේය. අමාත්‍යතුමා මෙහිදී සදහන් කළේ තමන්ට ලැබී ඇති නීති රෙගුලාසිවලට අනුව කටයුතු කිරීමට නොපැලිකිව නොබියව ක්‍රියාකරන ලෙසයි. මෙහිදී තමන්ට පැවරි ඇති රාජකාරී ඉටුකිරීම සඳහා ඉහළ නිලධාරීන්ගේ අනුමැතිය ලැබෙනතුරු ලබා නොසිට තමන් වෙත එන සේවය ලබාගැනීමට යම් අයෙකුට තමන්ට කළ හැකි උපරිමයෙන්ම තමන්ට පැවරී ඇති රාජකාරි වපසරිය තුළ කළ හැකි දේ කිරීමට වගබලා ගතයුතු බවත් පැවසීය.
ගොවිජන සේවා මධ්‍යස්ථාන තුළින් ගොවි ජනතාවට ලැබෙන සේවය විධිමත්ව කඩිනමින් කිරීම සඳහා ඉදිරියේදී වෙනස්කම් කිරීමට බලාපොරොත්තුවන බවත් ප්‍රදේශයක් නියෝජනය කරන වැඩි ම නිලධාරීන් පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සිටින බැවින් මෙම රට කෘෂිකාර්මික ආර්ථිකයක් සකස් කිරීමට තම වගකීමක් බවත් ඉදිරියේදී ඵම කාර්යයන් ඉටුකිරීමට කඩිනම් පියවර ගැනීමට කටයුතු සූදානම් කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
NDH