මැදිරිගිරිය ප්‍රාදේශීය සභාවේදී සිදුවු මෙම දිවුරුම් දීමේ අවස්ථාවට ප්‍රාදේශීය සභා දෙකේ ලේකම්වරුන් ඇතුළු මන්ත්‍රීවරු සහ ප්‍රදේශවාසීහු පිරිසක් ද සහභාගී වූහ. එදින දිවුරුම් දුන් සභාපතිවරුන්ට සුභාශිංසනය පළ කළ ප්‍රධාන අමාත්‍යවරයා ප්‍රදේශයේ සංවර්ධනයට මුල්තැන දෙමින් සිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවල දියුණුවට කටයුතු කරන ලෙසත් ඒ සඳහා උතුරු මැද පළාත් සභාවේ පූර්ණ සහයෝගය ලබා දෙන බවත් පැවසීය.
මෙම ප්‍රාදේශීය සභා දෙකෙහි හිටපු සභාපතිවරුන්ගේ විනය විරෝධී ක්‍රියා හේතුවෙන් පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා සතු බලතල අනුව තනතුරුවලින් ඉවත් කරනු ලැබීය
NDH