නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ නායකයා ශ්‍රේෂ්ඨ අන්දමින් රට පාලනය කළ යුතුයි

    මැයි 12, 2015
    අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය නායකයා මැර ස්වරූපයෙන් සිටින ජනතාව පීඩාවට පත්කරන නායකයෙක් විය යුතු බවත් මනුස්සකමට මොනවහරි කළ විට ඒක දුර්වලකමක් කියලා අපේ රටේ සමහරු හිතන බවත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කරන ලද්දේ අද (12) කළුතර, බදනාගොඩ කණිෂ්ඨ විද්‍යාලයේ නව පුස්තකාල ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට එක්වෙමිනි. 
     
    ග‍්‍රාමීය පාසල් නගාසිටුවීමේ වැඩපිළිවෙළ යටතේ රුපියල් ලක්ෂ 14කට අධික වියදමකින් මෙම පුස්තකාල ගොඩනැගිල්ල ඉදිකොට ඇත. 
     
    මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, බණ්ඩාරනායක මහත්තයා කියන්නේ බොහොම අවිහිංසාවාදී විදිහට මේ රටේ වෙනසක් කරපු මනුස්සයෙක්. ඩී.බී විජේතුංග එදා තිබුණ මැරවර දේශපාලනය, මේ රටේ භිෂණය ඔක්කොම අයින් කර ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදාකළා. අපේ ජනධිපතිතුමා අද හැමෝටම ඇහුම්කන්දීගෙන අවිහිංසාවාදීව ශ්‍රේෂ්ඨ අන්දමින් රට පාලනය කරනවා. නමුත් සමහරු හිතන්නේ වෙනත් විදිහකටයි. ජේ. ආර්. ජයවර්ධන  ජනාධිපතිතුමා මේ ව්‍යවස්ථාව ගේනකෙට හිතුවා මේක හම්බවෙන කිසිම කෙනෙක් මේ බලය අතහරින්නේ නැහැ කියලා. නමුත් අවසානයේ සිදු වුණේ අවුරුදු 37කට පස්සේ ජනතා නායකයෙක් බිහිවීමයි. තමන්ගේ තියෙන බලය අනුන්ට ලබාදෙන්න එතුමා එකඟ වුණා. වසර 06 වසර 05කට අඩු කළා. මෙහෙම නායකයෝ ලෝකයේ බොහොම විරලයි. මෙවැනි නායකයෝ සදාතනිකව මිනිසුන් අතරේ ජීවත් වෙනවා. 
     
    මේ වගේ දියුණුවන රාජ්‍යකට අවශ්‍ය මරාගන්න දේශපාලනය නොවෙයි. සහයෝගිතා දේශපාලනයයි. මේ රටට විශාල ප‍්‍රශ්න තිබුණා. රටේ නිදහසක්, ප‍්‍රජාතන්ත‍්‍රවාදය තිබුණේ නැහැ. මේ රට ලෝකයේ තනි වුණා. මේ රජය අද තිබුණු ප්‍රශ්න එකින් එක විසඳනවා. අද ප‍්‍රජාතන්ත‍්‍රවාදය තියෙනවා. නිදහස තිබෙනවා. අද කවුරුත් ආණ්ඩුව විවේචනය කරාට සුදු වෑන් එන්නේ නැහැ. 
    ප‍්‍රථම වරට ඉතිහාසයේ යූ.ඇන්.පී. සහ ශ්‍රී ලංකා ආණ්ඩුවක් හැදුවා. අපේ නව වැඩපිළිවෙළ අපි ඉස්සරහට ගෙනියනවා. මේක දියුණු රාජ්‍යයක් කරන්න ඕනෑ. අපි නොදියුණු රටක්, අපි දුප්පත් රටක් කිය කියා හිඟා කන්න හොඳ නැහැ. මේ ශ්‍රේෂ්ඨ රට කාලකන්නි රටක් කළේ අපේ රටේ දේශපාලනඥයන්. මේ රටේ ජාතිවාදය ඇති කළේ අපේ රටේ දේශපාලඥයන්. පසුගිය කාලයේ ඡන්දය ගන්න, ආගම්වාදය  පැතිරුවේත් ඒකයි. ජනතාව කියන්නේ සියල්ලෝමයි. සිංහල, දෙමළ, මුස්ලිම්, කුල ගෝත්‍ර මොනවා තිබුණත් අපිට එකට ආදරය කරන්න හැකියාව තිබෙන්න ඕනෑ හොඳ දේශපාලනඥයන් හැටියට. 
     
    ලෝකයේ වෙනත් රටවල නැති ලෙස අපේ රටේ නිදහස් අධ්‍යාපනය තියෙනවා. අපේ රජය පොරොන්දු වෙලා තිබෙනවා, 1.7 දළ දේශීය නිෂ්පාදනයෙන් අධ්‍යාපනට සියයට 6ක් දක්වා වැඩි කරන්න. සෞඛ්‍යට සියයට 1.8ක් වැය කරනවා. පහුගිය කාලයේ සෞඛ්‍යයට හා අධ්‍යාපනයට වෙන් කළ මුදල අඩු වුණා. ඉදිරියේදී විශාල මුදලක් මේ රටේ අධ්‍යාපනයට, පාසල්වලට අපිට වැය කරන්නට පුළුවන්. අපේ රටේ සාක්ෂරතාව සියයට 97ක්. අපේ රටේ තමයි මේ මුළු කලාපයෙන්ම මාතෘ මරණ සංඛ්‍යාව අඩුම රට, ළදරු මරණ සංඛ්‍යාව අඩුම රට.  අපි විශ්වවිද්‍යාලවලට පමණක් නොවේ පශ්චාත් උපාධිවලටත් ආණ්ඩුවෙන් මුදල් විදයම් කරනවා. එහෙම රජයක් ලෝකයේ කොහේවත් නැහැ. එහෙම කරලත් විශ්වවිද්‍යාල සිසුන් පෙළපාළි යනවා.  එහෙම වියදම් කරපු නැති රටවල්වල මෙවැනි පෙළපාළි යන්නේ නැහැ යැයි ද අමාත්‍යවයා වැඩිදුටත් ප‍්‍රකාශ කළේය.
     
    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya