නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    18න් ඉවත් කළ කොමිෂන් සභා 19න් ස්ථාපිත කෙරේ

    අප්‍රේල් 29, 2015

    18 වන අණ්ඩුක්‍රම ව්‍යස්ථාවෙන් අහෝසි කළ ස්වාධීන කොමිෂන් සභා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් නැවත ස්ථාපිත කළ බව සෞඛ්‍ය හ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

    19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීමෙන් පසු අද (29) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී පැවසීය.

    මෙම ස්වාධීන කොමිෂන් සභා 10ක් ව්‍යවස්ථාදායක සභාව පිහිටුවීමෙන් පසු ස්ථාපිත කෙරෙන බවත් මෙම කොමිෂන් සභා අතරින් මැතිවරණ කොමිෂන් සභා සහ අධිකරණ කොමිෂන් සභා හැර අනෙකුත් කොමිෂන් සභා පාර්ලිමේන්තුවට වගකිව යුතු බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    කෙසේ වෙතත් මෙම සියලු කොමිෂන් සභා ස්වාධීනව කටයුතු කරන සේනාරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

    ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා ද එක්ව සිටියේය.

    kpm/PR

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya