නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බහුදින ධීවර යාත්‍රාවලට නෞකා නිරීක්‍ෂණ පද්ධති සවි කිරීම ඇරඹේ

    අප්‍රේල් 29, 2015
    බහුදින ධීවර යාත්‍රා සඳහා නෞකා නිරීක්‍ෂණ පද්ධති සවි කිරීම පෙරේදා (27) දික්ඕවිට ධීවර වරායේ දී ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. 
     
    යුරෝපා සංගමයේ‍ෙ ප්‍රධාන යෝජනාවක් වන්නේ ද නෞකා නිරීක්‍ෂණ පද්ධතියක් ශ්‍රී ලංකාවේ ධීවර යාත්‍රා සඳහා සවිකළ යුතු බවයි.
     
    මෙමඟින් මාළු ඉන්න ප්‍රදේශ හඳුනාගන්න පුළුවන් ආකාරයේ තාක්ෂණය, කාළගුණ වාර්තා නිරන්තරයෙන් ලබා ගැනීම, ආපදාවන් ඇතිවෙනව නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම යනාදී පහසුකම් ඇතුළත් වේ. ඒ සියලු පද්ධති ස්ථාපිත කර ධීවර ප්‍රජාවගේ රැකියාව ඉහළ මට්ටමට ගෙනයාම සඳහා සෑම ක්‍රියාමාර්ගයක්ම ගැනීමට අපේක්ෂා කරන බව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
     
    රුපියල් ලක්‍ෂ තුන හමාරකට අධික මෙම නෞකා නිරීක්‍ෂණ පද්ධති බහුදින යාත්‍රා 1615 කට පමණ නොමිලයේ සවි කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. මෙම පද්ධතිය මගින් ධීවර නෞකා මුහුදේ තිබෙන ස්ථානය නිරීක්‍ෂණය කළ හැකි අතර, මෙහෙයුම් මධ්‍යස්ථානය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලයේ පිහිටා ඇත. 
     
    මෙම අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් නියෝජ්‍ය අමාත්‍ය දයාශ්‍රිත තිසේරා, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් එම්.සී.එල්.ප්‍රනාන්දු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.
     
    kpm

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya