ප්‍රධාන අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
අප්පච්චි බේරගන්න පුතා ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධයක නිරත වූ බවත් එතන සිටි පිරිස තමතමන්ගේ ෆයිල් බේරගන්න මෙලෙස කටයුතු කළාදැයි නොදන්නා බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අද රටේ නිදහසේ මත ප්‍රකාශ කරන්නට මේ රජය මගින් ඉඩප්‍රස්ථාව සකස් කර ඇති බවත් එම නිසා රාජ්‍ය මාධ්‍ය ඇතුළුව සියලුම මාධ්‍ය ඒ නිදහස භුක්ති විදින බවත් ඔහු සඳහන් කළේය.
රටේ සිදු කරගෙන ආ සංවර්ධන ව්‍යාපෘති කිසිදු ටෙන්ඩර් පටිපාටියකට ලබා දුන් කොන්ත්‍රාත් මත සිදු කර ඇති බැවින් ඒ ගැන නිවැරදි විමර්ශනයක් සිදු නොකර ගෙවීම් සිදු කිරීමට නොහැකි බැවින් තාවකාලිකව එම ව්‍යාපෘති නතර කර ඇති නමුත් නිවැරදි තොරතුරු ගෙවීම් පත් සොයා බැලීමකින් තොරව ඒ සඳහා මුදල් වෙන් නොකර ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකි බවත් තවදුරටත් ඒ මහතා කියා සිටියේය.
ජනවාරි 9වෙනිදා සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සංදර්ශන දේශපාලනය වෙනුවට සියලු දේශපාලන පක්ෂ එකට එක්ව යහපාලනයට අත දිගු කළ බවත් සඳහන් කළ ඒ මහතා ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය යුතු බවත් එවිට ජනතාව විසින් පාලන තන්ත්‍රයේ රැඳී සිටිමට අවශ්‍ය පුද්ගලයන් තෝරා දෙනු ඇතැයි ද පවසා සිටියේය.
SDF