මෙම ක්‍රිඩා සංකිර්ණය තුළ මිටර් 400 මං තිරුවක්, මිටර් 25 පිහිනුම් තටාකයක් වොලිබෝල්, බැඩ්මින්ටන්, කරාතේ, බාස්කට්බෝල්, ජුඩෝ, බොක්ෂිං, වුෂු, ටයිකොන්ඩෝ, ටේබල් ටෙනිස්, නෙට්බෝල්, කැරම් ක්‍රිඩාවන් කිරීමට අවශ්‍ය පහසුකම් සහිතව මෙම ක්‍රිඩා සංකිර්ණය ඉදිකිරීමට නියමිතය. මේ ක්‍රිඩා සංකිර්ණය ඉදිකිරීම සඳහා ඉදිරි දින කිහිපය තුළ මුල්ගල් තැබිමට සුදානම් කර ඇති බවද අලුවිහාරේ මහතා පැවසිය.
මාතලේ දිස්ත්‍රික්කයට විශාල අඩුවක්ව පැවති මෙම ක්‍රිඩා සංකිර්ණය අවස්ථා ගණනාවකදි ක්‍රියාමත්මක කරන බවට පැවසුවත් තමාගේ අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම ඉංජිනේරු කාර්යංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ වසර එකහමාරක වැනි කාලයක් තුළදි මෙහි වැඩ අවසන් කරන බවත් ක්‍රිඩා අමාත්‍යංශය යටතේ මෙය ක්‍රියාත්මක වන බවද අලුවිහාරේ මහතා පැවසිය.
MAP/dmu_matale