නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නේපාලයේ ලුම්බිණි නුවර වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක්

    අප්‍රේල් 21, 2015

    නේපාලයේ බුදුන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ ලුම්බිණි නුවරට පැමිණෙන වන්දනාකරුවන්ට විශ්‍රාම ශාලාවක් ලබන මාසයේ දී විවෘත කිරීමට නියමිත බව බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලන කටයුතු පිළිබඳ අමාත්‍ය කරු ජයසූරිය මහතා පැවසීය.

     

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (21) අමාත්‍යංශයේ දී ජාතික වෙසක් සතිය නිමිත්තෙන් නව මුද්දර තුනක් හා මුල් දින කවරයක් නිකුත් කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.


    වෙසක් උත්සවය රටේ සත්‍යය සහ යුක්තිය සහතික කරන උත්සවයක් වන බව එහිදී සභාව අමතමින් පැවසූ අමාත්‍යවරයා , ශ්‍රී ලංකාව තුළ මෙන්ම විදේශ රටවල ද බුදුදහම ශක්තිමත් කිරීම සඳහා බුද්ධ ශාසන අමාත්‍යංශය ඉමහත් සේවාවන් ඉටුකොට ඇති බව ද පැවසීය.

     

    අමාත්‍යංශය මඟින් ග්‍රාමීය ප්‍රදේශවල බොහෝ විහාරස්ථානවල පහසුකම් ප්‍රතිසංස්කරණය කළ බවත් කරූ ජයසූරිය මහතා කියා සිටියේය.

     

    වර්තමානයේ බෞද්ධ පිළිවෙත් ලෝකයේ වැඩි වශයෙන් පිළිගැනීමට ලක් වෙමින් තිබෙන බවත් බුදු දහම අනාගතයේදී බලාපොරොත්තුසහගත ආගමක් බවට පත් වනු ඇති බවත් ඔහු තවදුරටත් පවසා සිටියේය.


    බෞද්ධ සංස්කෘතිය සුරක්ෂිත කිරීමට ඉදිරියේ දීද බොහෝ ප්‍රතිපත්ති හා වැඩසටහන් බුද්ධ ශාසන අමාත්‍යංශය විසින් ආරම්භ කරනු ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya