2015 වසරේ පළමු මාස තුන අවසන් වන විට පින්නවල අලි අනාථාගාරයේ ආදායම රුපියල් මිලියන 243ක් පමණ වන බව ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අනුර ද සිල්වා මහතා පැවසීය. මෙම වර්ෂයේ දී 109,700ක දේශීය සංචාරකයන් පිරිසක් මෙන් ම 110,500කට අධික විදේශීය සංචාරකයන් පිරිසක් ද පැමිණ ඇත. මෙම ආදායම මාර්තු 31දක්වා මාස තුනක කාලයක පමණක් වන අතර පසුගිය 2014 වසරේ දී මිලියන 730ක් උපයාගෙන ඇත. DB