දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පවතින අධික වර්ෂාවත් සමඟ ඉදිරි පැය 24 තුළ දිස්ත්‍රික්ක 06කට නායයෑමේ අවදානමක් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දන්වා සිටී. ඒ අනුව රත්නපුර, බදුල්ල, කළුතර, මහනුවර, මාතර හා ගාල්ල යන දිස්ත්‍රික්කවලට මෙම අවදානම් තත්ත්වය පවතී. පවතින අවදානම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉල්ලයි. DB