අපරභාගයේදී සහ රාත්‍රී කාලයේ දී දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ නැගෙනහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල උදය කාලයේදී ද වැසි ඇති විය හැකි බවද නිවේදනය කරන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව,ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැකි බව නිවේද්නය කරයි.