නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සහතික මිලට තේ දළු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල ඇරඹේ

    අප්‍රේල් 20, 2015

    සහතික මිලට තේ දළු මිලදී ගැනීමේ රජයේ වැඩපිළිවෙල මොරවක කළුබෝවිටියාන තේ කම්හල් පරිශ්‍රයේ දී වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම උත්සවයට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක , අග්‍රාමාත්‍ය කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක ඇතුළු මැති ඇමතිවරුන් රැසක් එක්ව සිටියහ.

     

    ඒ අනුව කුඩා තේ වතු හිමියන්ගේ සියයට 60 ක ප්‍රමිතියෙන් යුතු අමු තේ දළු සඳහා රුපියල් 80 ක සහතික මිල ලබාදෙන අතරම ඒ ප්‍රමාණයට වඩා අඩු ප්‍රමිතියකින් යුත් අමු තේ දළු සඳහා රුපියල් 75 සහ 73 ක සහතික මිලක් නියම කිරීමටද රජය තීරණය කර ඇත.

     

    සහතික මිල ලබා දීම සංකේතවත් කරමින් කුඩා තේ වතු හිමියන්ට චෙක්පත් පිරිනැමීම ද එම පවුල් වල සිසුන්ගේ අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම ද පසුගිය සෙනසුරාදා (18) පැවති මෙම උත්සවයට සමඟාමීව සිදුකෙරිණි.

     

    SDF

     

    tea price1tea price2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya