නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිනමා සංගීතයේ නවමං සෙවූ සංගීතවේදී නිමල් මෙන්ඩිස් දිවියෙන් සමුගනී

    අප්‍රේල් 17, 2015

    හෙළ සිනමා සංගීතයේ නවමං සෙවූ ප‍්‍රවීණ සංගීතඥයෙකු වූ අසූ එක් වියැති නිමල් මෙන්ඩිස් මහතා ඊයේ (16) සිය දිවි මියැසියෙන් සමු ගත්තේය.

     

    අභාවප්‍රාප්ත නිමල් මෙන්ඩිස් මහතාගේ දේහය අද සිට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරෙන අතර ලබන සෙනසුරාදා ජාවත්ත පොදු සුසාන භූමියේදී ඔහුගේ අවසන් කටයුතු සිදු කිරීමට නියමිත ය.

     

    පියානෝ වාදනයෙන් සංගීතයේ අත්පොත් කියවූ නිමල් මෙන්ඩිස් බටහිර බ්ලූස් -ජෑස් සංගීත ශෛලයේ ආභාසය සමග මෙරට සංගීතයේ ප්‍රගමනයට අතිවිශාල මෙහෙවරක් ඉටු කළේ ය.

     

    බටහිර සංගීතය සහ දේශිය නාද රටා සංකලනයෙහි නිපුණයෙකු වූ සංගීතඥ නිමල් මෙන්ඩිස් මෙරට චිත්‍රපට සංගීතය ලෝක සිනමාව කරා ගෙන යාමට පුරෝගාමී වූ අයෙකි.

     

    ගඟ අද්දර, බැද්දේගම, ගැහැණු ළමයි, අහසින් පොළවට, කොළඹ සන්නිය, දුවට මවක මිස සහ ගෝඩ් කිං ආදී චිත්‍රපට රැසකට සංගීතය සැපයූ නිමල් මෙන්ඩිස්ගේ ‘මාස්ටර් සර්’ ගීතය අතිශය ජනප්‍රියත්වයට පත් විය.

     

    ගඟ අද්දර චිත්‍රපටයේ සංගීතය වෙනුවෙන් නිමල් මෙන්ඩිස් 1979 වසරේ දී හොඳම සංගීත නිර්මාණයට හිමි ඕසීඅයිසී සම්මානය ද හිමි කර ගත්තේය. සරසවිය, ජනාධිපති සම්මාන ආදියද ඔහුගේ සංගීත නිර්මාණ දිවියේ ලැබූ සම්මාන අතර වේ.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya